
නිරෝගී පුද්ගලයන් හට පොදු ස්ථානවල මුහුණු ආවරණ පැලදිම ගැන ලෝක සෞඛ්‍ය සංවිධාන මීට පෙර ප්‍රකාශ කර සිටියේ ලිහිල් මතයක්. ඒ මුහුණු ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බවයි. නමුත් අද (06) නිකුත් කල නිවේදනයක කියා සිටින්නේ ” සමාජ දුරස්ථභාවය” තබා ගැනීම අසීරු කාර්යයක් බවත් , බිඳිති මඟින් බෝවීම වැළැක්වීමට මුහුණු ආවරණය මනා පිටුවහලක් වන නිසා හැකි තරම් තම ජනතාව ඒ සඳහා පොලඹවන ලෙසට රජයන්ගෙන් ඉල්ලිමක් කර සිටිනවා.