විදේශීය

කොරෝනා (කොවිඩ් 19) වූහාන් රෝහල් අධ්‍යක්ෂකවත් බිලි ගනියි

පැතිර යන කොවිඩ් -19 වෛරසය නිසා මියගිය අය අතරට එක්වන අලුත්ම රෝගියා වන්නේ වූහාන් රෝහලේ ප්‍රධානියා(අධ්‍යක්ෂකවරයා) වූ ලිවු ශිමින්ං වෛද්‍යවරයායි. වෛරසය පැතිර ගිය මුල් දිනවල සිටම නිදි වර්ජිතව තම සේවාව ලබා දුන් ලිව්ට පසුගිය සතියේ කොචිඩ් වෛරසය ආසාදනය වූ අතර ගිලන් වීමෙන් පසුව දින කිහිපයකින් මිය ගොස් ඇත. ස්නායු සෛල්‍ය විශේෂඥයකු වූ ඔහු මිය යනවිට 34 වන වියෙහි පසු විය.

‍මේ වන විට මෙම වෛරසය වෙනුවෙන් රාජකාරියේ නිරතවන චීන සෞඛ්‍ය නිළධාරීන් ප්‍රමාණය 25,000 කට අධික වන අතර එයින් 1700 කට පමණ මෙම වෛරසය ආසාදනය වී ඇත. දැනට පුද්ගලයින් 73,000කට ආසන්න ප්‍රමාණයක් වෛරසය නිසා ගිලන් වී ඇති අතර 1800ක් පමණ පිරිසක් මිය ගොස් ඇත.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button