විදේශීය

මගී ගුවන්යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් අතුරුදහන් වී ඇත.

“ශ්‍රීවිජය ගුවන් යානය SJ182 ජකර්තා සිට පිටත් වී මිනිත්තු 4 කට පමණ පසු විනාඩියකටත් අඩු කාලයකදී අඩි 10,000 කට වඩා උන්නතාංශයයේදි  අතුරුදන් විය” යනුවෙන් ෆ්ලයිට්රාඩාර් සෙනසුරාදා උදෑසන ට්වීට් කළේය.

PK-CLC (MSN 27323) ලියාපදිංචි අංකය සහිත බෝයිං 737-500 “ක්ලැසික්” යානයකින් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක වූ බව ඔවුහු පැවසූහ.

මෙම යානය පළමු ගුවන් ගමන 1994 මැයි මාසයේදී සිදු කර තිබේ. එහි වයස අවුරුදු 26 කි.

ෆ්ලයිට්රාඩාර් පැවසුවේ SJ182 ගුවන් යානයෙන් ADS-B සං සංඥාව 07:40:27 UTC පමණ නැති වූ බවයි. මෙම ගුවන් යානය ජකර්තා සිට ඉන්දුනීසියාවේ පොන්තියානාක් දක්වා ගමන් කරමින් සිටියේය.

ජකර්තාහි ප්‍රවාහන අමාත්‍යාංශ කාර්යාලය ඒබීසී ප්‍රවෘත්ති සේවයට තහවුරු කර තිබුණේ ජකර්තා හි සොකර්නෝ-හත්ත ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්වීමෙන් පසු මෙලෙස අතුරුදන් වූ බවයි. යානය සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ වෙමින් පවතින අතර තත්වය විමර්ශනය කරමින් පවතී.

Update 17:30 තාවකාලික තොරතුරු අනුව යානය; මගීන් 56 දෙනෙකු, වැඩිහිටි මගීන් 46 දෙනෙකු, ළමුන් 7 දෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු, ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ කැබින් කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුගෙන් සමන්විත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button