දේශීය

කැලණියේ උපකුලපතිට අදාල නොවූ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය

ලොව පුරා අතිශය වේගයෙන් පැතිර යන Covid 19 නැතහොත් කොරෝනා (Corona) වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේද පැතිර යාම ආරම්භ වී තිබේ. ජාතික මට්ටමින් මුහුණ දී ඇති ව්‍යසනය හමුවේ මෙය වඩා වර්ධනය වී මහජනතාවට සිදුවන හානිය වළැක්වීම සඳහා මෙන්ම ජාතික මට්ටමේ අක්‍රියතාවන් ඇති වී ජන ජීවිතය අර්බුදයට යෑම සිදු නොවීම සඳහා රජය විසින් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ යටතේ හඳුනාගත් අවදානම් සහගත රටවලින් සිදුවන ආගමන වැළැක්වීම සහ සීමා කිරීම, අවදානම් සහගත රටවලින් පැමිණි පිරිස් නිරෝධායනයට ලක් කිරීම වැනි ක්‍රියාමාර්ග රැසක් වන අතර එහි ප්‍රතිපලයක් ලෙස දියුණු වෙමින් පවතින රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුළ මේ වන තෙක් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවීම මෙන් ම පළමු රෝගියා සම්පූර්ණයෙන් ම සුව කර නැවත තම මව්රට බලා පිටත් කර හැරීමටත් සමත්ව තිබෙනවා.

එම වැඩපිළිවෙළෙහි අංගයක් ලෙස මේ වන විට සියලු විශ්වවිද්‍යාල සහ පාසල් වසා දමා ඇති අතර අද සිට දින තුනක් ගත වන තෙක් සීමිත ආයතන කිහිපයක් හැර රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ද සියල්ල පාහේ වසා දැමීමට උපදෙස් දී ඇත.

තත්වය මෙසේ තිබිය දී කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ විසින් ඒ සියලු රාජ්‍ය නියෝග සහ ආරක්ෂක උපදෙස් නොසලකා හරිමින් තම බල වුවමනාවන් සපුරා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ඉතා නින්දිත අයුරිනි.

මෙම උපකුලපතිවරයා බලයට පත් වන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ වන අතර ඒ ඉතා ග්‍රාම්‍ය සහ දූෂිත උපක්‍රම යොදාගනිමිනි. තම ධූර කාලය තුළ විශ්වවිද්‍යාලයට කිසිදු සේවයක් ඉටු නොකර රජයේ ප්‍රතිපාදන තම කල්ලියට වරදාන වරප්‍රසාද ලබා දීම උදෙසා කටයුතු කළ මොහු තමාට නැවත බලයට පත් වීම සඳහා කිසිදු සාධාරණ පදනමක් නොමැති බව පැහැදිලිවම දන්නා හෙයින් බලය රැකගැනීම උදෙසා විවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ දියත් කරමින් සිටියි. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ලිඛිත නියෝග නොසකලා උපකුලපති මැතිවරණයක් කැඳවීම එහි පළමු අදියර වූ අතර එය අසාර්ථක වීම නිසා වියරු වැටී සිටින මොහු මෙවර ජාතික ආරක්ෂාව සහ මහජනතාවගේ ජීවිත සමග ක්‍රීඩා කිරීමට පටන් ගෙන ඇත.

මේ වන විට වසා දමා ඇති කැලණිය විශ්වවිද්‍යාලයට තමා විසින් පත් කළ පීඨාධිපතිවරුන් හරහා තමාට හිතවත් ආචාර්යවරුන් ද සේවය ස්ථිර නොකළ කථිකාචාර්යවරුන් ද කැඳවා තමාව බලයට පත් කරන ලෙස ඉල්ලමින් පෙත්සමක් අත්සන් කිරීමට ඔහු මේ මොහොතේ කටයුතු කරමින් සිටියි.

මෙවැනි ජාතික ව්‍යසනයක් හමුවේ වුවද මහජන සුබ සිද්ධිය හෝ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඌ ජාතික ප්‍රතිපත්ති නොතකා තම බලය රැක ගැනීමට කටයුතු කිරීමෙන් මහාචාර්ය සේමසිංහ පෙන්වා ඇත්තේ තම සැබෑ ස්වභාවය යි. එසේ වුව ද කාගේවත් බල ලෝභයට රටක ජනතාවගේ ආරක්ෂාව බිල්ලට දීම නොකළ යුතු බව වැටහීමට මහාචාර්ය ධූරයක් අවශ්‍ය නැත ඒ සඳහා මිනිසෙකු වීම පමණක් සෑහේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button