කැලණිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී දුමින්ද පෙරේරා මේ වන විට හැසිරෙන්නේ ඔහුගේ යුගයේ ඇමැති මර්වින් ඇමතින් මර්වින් ඉදිරියේ ප්‍රසන්න රණවීර වැනි හෙන්චයියන් හැසිරීම ආකාරයටය. දැන් ප්‍රසන්න රණවීරගේ ගෝලයෙකු ලෙස දුමින්ද පෙරේරා කිරිබත්ගොඩ නගරය භීතියට පත්කිරීම සිදු කරමින් සිටී.
කිරිබත්ගොඩ පොදු වෙළඳ සංකීර්ණයේ රථගාල මහජන ආරක්ෂක ඇමතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් විවෘත කිරීම හේතුවෙන් උරණවූ කැලණි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී දුමින්ද කිරිබත්ගොඩ පොදුවෙළද සංකීර්ණ වෙළඳ සංගමයේ ලේකම් සිරිල් පතිරනගේට පසුගිය 8වනදා රාත්‍රී අමානුෂික අන්දමින් පහරදී තුවාල,සිදුකිරීම නිසා රාගම රෝහලට ඇතුලත් කර ඇත.
කැලණි ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී දුමින්ද පෙරේරා සහ ඔහුගේ සහායකයන් අටදෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් 8වනදා රාත්‍රී එකොළහට පමණ කිරිබත්ගොඩ ගාල හංදියේ දී එල්ල කළ මැරප්රහාරයක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ සිරිල් පතිරන මහතා සිද්ධියෙන් පසු කිරිබත්ගොඩ රෝහලේ සිට රාගම රෝහලට ගිලන් රථයකින් මාරු කර යවා ඇත.
කෙසේ වෙතත් මේ වනතුරු අදාල මැරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වී තිබේ.
සැමට එක නීතියක් ඇයි යැයි පාරම්බාමින් දෙඩූ පුරසාරම සහමුලින්ම පුස්සක් බවට මේ වන විට පත්ව ඇති අතර අද වන විට ඉහළ සිට පහළ දක්වා සියලු කටයුතු මැර බලයට, හිතවත්කමට සහ මිල මුදලට යටවී තිබේ.
සිය සේවාකාලය නිමා කර රාත්‍රි ආහාරය මිලදී ගැනීම සදහා ගාල හන්දියේ රාත්‍රී කඩය වෙත ගිය කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ ලේකම් සිරිල් පතිරනගේට පහර දීමට මත්පැන් පානය කර සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහායට සිටි පිරිසක් පැමිණ තිබේ. එලෙස පැමිණි පිරිස ලේකම්වරයාව වටකර මෙලෙස අමානුෂික අන්දමින් පහර දී තුවාල කර ඇතැයි වෙළඳ සංගමයේ සභාපති විජිත රෝහණ විජයමුණි මෙම පහරදීම සම්බන්ධව කිරිබත්ගොඩ වෙළඳ සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
දැනට රාගම රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රථිකාර ලබන සිරිල් පතිරනගේ මහතාගේ ඇසකට හාණි සිදුවී ඇතැයිද සභාපති විජිත රෝහණ මෙහිදී පැවසීය.
කිරිබත්ගොඩ වෙළඳ සංගමය ඇතුළු බොහෝ ආර්ථික ස්ථාන මේ වට විට ඇමති ප්‍රසන්න රණවීරගේ සහ ඔහුගේ හෙන්චයියන් ගේ ග්‍රහණයට හසුව ඇති අතර මර්වින් සිල්වා පරාජයට පත් කරන තරමේ කප්පම් මාෆියාවක් එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ .
සභාපතිව සිටියදී ද ප්‍රසන්න රණවීර කිරිබත්ගොඩ නගරයේ ඉඩම් හා කඩ කාමර බෙදා දීමේදී බරපතල අක්‍රමිකතා සිදුකළේය.