සමාජ

සාගර ජල ප්‍රවාහයෙත් දැඩි උණුසුමක්

සාගරයේ උණුසුම් ජල ප්‍රවාහ අනතුරුදායක මට්ටමින් ඉහළ ගොස් ඇති බවට, වාර්තාවක් පෙන්වා දෙයි.

පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ පොළොව මතුපිට ලැව්ගිනි මෙන්, සාගරයේ උණුසුම් ජල ප්‍රවාහ සාගර ජීවීන්ට සහ ජෛව විවිධත්වයට විශාල ලෙස හානි කරමින් දිනෙන් දින ඉහළ යන බවයි.

ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රියාවලිය සිදුවන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. එමගින් සාගර ජීවීන්, කොරල්පර විනාශ වනවා පමණ නොව, සාගරයේ ඔක්සිජන් මට්ටම, ජලජ ආහාර ප්‍රමාණය අඩුවීම, කුණාටුවලින් ආරක්ෂාවීමේ හැකියාව ද අවම වන බව, පර්යේෂකයින් පෙන්වා දෙයි.

මේ පිළිබඳව ලෝක නායකයින්ගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු නොවුනහොත්, ගෝලීය සාගර පද්ධතියට පමණක් නොව, සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ඉතා විශාල බලපෑමක් එල්ල වන බවයි, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

සෑම පුරවැසියෙක්ම තම හැකි පමණින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීමට කටයුතු කළයුතු බව ද ඔවුන් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button