දේශීය

ආපදාවට පත් ජනතාවට රජයෙන් රු. මිලියන 50ක්

කඩිනමින් ජනතාව ගැන බලන්න, සහන දෙන්න මුදල් වෙන් කරන්න – ජනපතිගෙන් උපදෙස්

දිවයිනට බලපා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මතයි.

අපාදවට ලක්ව ඇති ජනතාවට ඒ අනුව කඩිනමින් සලසන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙස ද රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button