දේශීය

ISISලා ගැන තවත් අනතුරු ඇඟවීමක්

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන ලදැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් පස්දෙනකුගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ඉන්දියානු රහස් ඔත්තු සේවය විසින් විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලබා දී තිබේ. එසේම පාස්කු ඉරිදා බෝම්බ පිපිරුමට සම්බන්ධ ශ්‍රී ලාංකික පවුල් දෙකක් සහ ඉන්දියානු ජාතිකයන් කිහිපදෙනකු අතර ඇතිවූ දුරකථන ඇමතුම් විස්තර ද මේ සමඟ ලබාදී ඇත.

නමුත් එම පුද්ගලයන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ දැයි සොයාගෙන නැතැයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකු පවසා තිබේ. පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු වූ සහරාන් හසීම් විසින් යම් ප්‍රහාරයක් දියත් කළ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් කරනු ලැබුවේද ඉන්දියාවේ ජාතික රහස් පරික්ෂණ ආයතනය විසිනි.

ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රහාරයෙන් පසු අයි.එස්.අයි.එස්. සංවිධානය හා සම්බන්ධ ප්‍රබල ඉන්දියානු ක්‍රියාකාරිකයෙකු යයි සැක කෙරෙන කේරළ තරුණයකු වන රියාස් අබුබකර් අත්අඩංගුවට ගැනීමටද එම ආයතනය කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button