දේශීය

සමහරක් ත්‍රීවිල් ගාස්තුව වැඩි කරයි

ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ඉහළ දැමීමත් සමඟ ත්‍රිරෝද රථ සිය පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අද (11) පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බව එහි සභාපති සුනිල් ජයවර්ධන සඳහන් කරයි.

මෙතෙක් එම සංගමයේ ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 50ක මුදලක් අය කළ අතර, මේ අනුව නව මිළ යටතේ පළමු කිලෝමීටරයට රුපියල් 60ක් අය කිරීමට සිදුවන බව පවසයි.

මේ අතර ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා ප්‍රකාශ කළේ තම සංගමයේ ත්‍රිරෝද රථ ගාස්තු මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය ද ප්‍රකාශ කරන්නේ ඔවුන්ද මිල ඉහළ නොදමන බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3කින් ඉහළ දැමුණද ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 7කින් වැඩි වැඩි කර ඇත. ඒ අනුව අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button