දේශීය

මේසන් පැණියට රාජ්‍ය අනුග්‍රහය – වැක්සීනය හීනයක්

කෝවි වෛරසය සුව කිරීම සඳහා සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කිසිදු පරීක්ෂණයකින් තොරව නිර්දේශ කරනු ලැබූ, පෙදරේරුවකු විසින් නිපදවන ලද පැණි සාම්පල නොමිලේ ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කෑගල්ලට එක්ව සිටියේය.

අන්තර්ගතයන් හෝ නිෂ්පාදන ක්‍රමවේදය නිසි පරිදි අනාවණ නොකරණ මෙම පැණිය ධම්මිකා බන්ඩාර නැමැත්තෙකු විසින් ප්‍රවර්ධනය කරනු ලබන අතර එය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරාචි විසින් රස විඳීමෙන් පසුව මාධ්‍ය අවධානයට ලක්විය. පළමුනවරට මෙම පුද්ගලයා මාධ්‍යයට ගෙන එනු ලැබූයේ දිලිත් ජයවීරට අයත් රූපවාහිනී නාලිකාවකින් වන අතර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඒ සදහා සැක සහිත ඉහළඅනුග්‍රහයක් ලබා දුන්නේය.

“කොවිඩ් 19 වෙතින් ජීවිත කාලය පුරාම ප්‍රතිශක්තිය ලබා දෙන බවට සහතික වී ඇති” පැණියේ මාත්‍රා ලබා ගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත ජනතාවක් අද කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පන්සලකට රැස්ව සිටින බව වාර්තා වේ.

අද (8) දින රැස්ව සිටින අයට නොමිලේ සාම්පල 5,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන බව වාර්තා වේ. එලෙස පොලිම් ගැසී සිටින ජනතාව කෝවිඩ් මර්ධන සෞඛ්‍ය නීති ද උල්ලංඝනය කරමින් සිටින බව දක්නට ලැබේ. එසේ වුව ද මේ සදහා පොලිසියේ හා හමුදාවේ ආරක්ෂක පහසුකම් ද ලබා දී තිබෙන අතර පොලීසිය හෝ හමුදාව මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කෙරෙන වැඩසටහන සදහා කිසිදු බාධා කිරීමක් කර නැත.

කෙසේ නමුත් මේ වන විටත් කිසිදු විධිමත් පරීක්ෂණයකින් මෙම පැණිය සදහා අනුමැතිය හිමිව නැත.

ලෝකයේ සෙසු රටවල් කෝවිඩ් මර්ධන වැක්සිනයක් පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින අතර, මෙරට රජය පවසන්නේ, ලබන වසරේ මැද භාගය ද පසුවන තුරු එවැනි වැක්සිනයක් ලංකාවට ගෙන ඒමට නොහැකි වනු ඇති බවයි.

බ්‍රිතාන්‍යය විසින් තම ජාතිකයින්ට පළමු වැක්සීන රැල්ල අද ලබා දීම ආරම්භ කරන අතර ප්‍රංශය විසින් තම ජනගහනය මෙන් 150% ගුණයක් වැක්සීන ඇණවුම් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button