දේශපාලන
යෝෂිත ආයෙමත් හොඳ ළමයෙක් වෙයි….
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද සඳහන් කළේ, ජනාධිපතිගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ යළි ලුතිනන් නිලයට පිහිටුවීමේ නියෝගයට අත්සන් කළ බවයි. ඒ ජනාධිපතිවරයාගෙන් ලද අනුමතියකට අනුවයි.
යෝෂිත රාජපක්ෂ යළි ලුතිනන් නිලයට පත් කර ඇත්තේ, සේවා කාලය අවසන් කිරීමකින් තොරව බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඒ අනුව 2016 පෙබරවාරි 28 වන දින සිට ඔහු යළි සේවයේ පිහිටුවා තිබේ.
මිට පෙර සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කළ පරීක්ෂණවලට අදාළව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබී ය. ඒ පිළිබදව රාපක්ෂ හිතවාදීන් ප්‍රකාශ කර සිටියේ එය රාජපක්ෂ පවුලෙන් පළිගැනීම සඳහා කළ ක්‍රියාවන් බවයි.