දේශපාලන
රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න 100% සුුදානම්.
විටින් විට පක්ෂ මාරු නොකොට රට වෙනුවෙන් ඉදිරිපත් වීමට 100 % සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (11) දින මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි.
කුමන දේශපාලන පක්ෂයකින් තරග කළද, අවසානයේදී ඔවුන් රට හා පුරවැසියෝ වෙනුවෙන් ඉදිරිපත් වී ඇති නිසා රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමන්ගේ දායකත්වය ලබා දීමට සූදානම් බව කී එතුමා කාට හෝ ඇඬෙන්න දිනන්න අවශ්‍ය නොවන බවත්, ජය පරාජය ඕනෑම විදියකින් පිළිගැනීමට සූදානම් බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමය බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.