දේශීය

මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අද(11) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනුයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවත්, 12, 13, 14, යන දිනවල කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීමට හැකියාව නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

එසේම ජනමාධ්‍ය මඟින් හෝ කිසිදු ප්‍රචාරක කටයුත්තක් කිරීමට, මුදල් ගෙවා හෝ ප්‍රචාරක දැන්වීමක් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, මේ වන විට දේශපාලන පක්ෂ පිහිටුවා තිබෙන එක් එක් ඡන්ද කොට්ඨාස සඳහා අදාළ වන කාර්යාල සියල්ල හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගන්නා ලෙසත් පැවසූ රත්නායක මහතා එසේ ඉවත් කර නොගන්නා කාර්යාල පොලීසිය මගින් ඉවත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවද කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button