දේශීය

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය හා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 21 වැනිදා

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළැඹෙන 21 වැනිදා ආරම්භ වීමත් සමඟම නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයද එහිදී එළිදැක්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සැප්තැම්බර් මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි, ඔහු විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුවයි නව සභා වාරය සඳහා නැවත රැස් වන්නේ.

එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙතයි.

පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවන අතර රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන්ගත හැකිය.

සභාවේ කටයුතු ආරම්භ වන්නේ සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගෙන ඔහු දිවුරුම් දීමෙන් පසු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු වේ.

පාර්ලිමේන්තු ඡන්දයෙන් නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කර ගන්නේ ඉන් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button