දේශපාලන

දිනුවත් පැරදුණත් ජය ට්‍රම්ප්ට

අමරිකානු ජනාධිපතිවරණය ඊයේ (4) පැවැත්වුණා. ඒ බලයේ සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩ්න් අතරයි. ජනාධිපති ට්‍රම්ප් මෙවර මැතිවරණයට ප්‍රවිශ්ඨ වූයේ ජයග්‍රාහී මානසිකත්වයෙන් වුණත් මේ වන විට (ග්‍රිනීච් වේලාව සවස 5.00) තිබෙන්නේ කරට කර තත්ත්වයක්.

මෙවර මැතිවරණයෙන් ජනාධිපති ට්‍රම්ප් පරාජයට පත් වුවහොත්, ඒ එලෙස බලයේ සිටින ජනාධිපතිවරයකු පරාජයට පත්වන ඉතාම අල්ප අවස්ථා අතරින් එකක් ලෙස ඔහු ඉතිහාසයට එක්වනවා.

මෙලෙස පළමුව ධුරය දරමින් සිට මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ 1801 වසරේ පැවති ජනාධිපතිවරණයට මුහුණ දුන් ජනාධිපති ජෝන් ඇඩම්ස්ය. එලෙසම යළිත් වරක් ධුරය දරමින් සිටියදී දෙවන වර මැතිවරණය පරාජය වූයේ ජෝන් ඇඩම්ස්ගේ ඥාතියකු වූ ජෝන් ක්වින්සි ඇඩම්ස්ය. ඒ 1829 වසරේ දී.

1837 දී ජනාධිපති වූ මාටින් වැන් බුරන් 1841 දී පරාජයට පත් වුවත් ඔහු යළි 1848 දී මැතිවරණය ජයග්‍රහණය කරමින් දෙවන වරට ධුරයට පත් වුණා. 1889 දී පරාජයට පත් වූ ග්‍රොවර් ක්ලෙවරන්ඩ් යළිත් 1892 දී ජයග්‍රහණය කරමින් සිය දෙවෙනි ධුර කාලය දරනු ලැබූවා. 1889 දී ක්ලෙවරන්ඩ් පරාජයට පත් කරනු ලැබූ බෙන්ජමින් හැරිසන් ජනාධිපතිවරයා සිය පළමු ධුර කාලය අවසන් කරමින් 1892 දී යළිත් ක්ලෙවරන්ඩ් අතින්ම පරාජයට පත් වීම විශේෂත්වයක්.

1912 දී විලියම් ටෆ් ජනාධිපතිවරයා සිය දෙවන ධුර කාල මැතිවරණය වුඩ්‍රෝ විල්සන් හමුවේ පරාජයට පත් වූයේ ඉන් වසර විස්සකට පසුවය. එම මැතිවරණයෙන් වසර විස්සකට පසු ජනාධිපති හර්බට් හූවර් ජනාධිපති තියොඩර් රූස්වෙල්ට් හමුවේ පරාජයට පත් වුණා. රූස්වෙල්ට් ජනාධිපතිවරයා සැලකෙන්නේ අමරිකානු ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙසයි.

ජෙරල්ඩ් ෆෝර්ඩ් හා ජිමී කාටර් යන ජනාධිපතිවරුන් පිළිවෙලින් 1976 දී හා 1980 දී මෙලෙසම පළමු ධුර කාලයෙන් පසු මැතිවරණ පරාජයට පත් වූ අතර, එහිදී ෆෝර්ඩ් ජනාධිපතිවරයා ජිමී කාටර් අතින් ද ජිමී කාටර් රොනල්ඩ් රේගන් අතින් ද පරාජයට පත් වුණා. මෙහි විශේෂත්වය වන්නේ ෆෝර්ඩ් ජනාධිපතිවරයා කිසිදු දිනක ජනාධිපතිවරණයක් ජයගෙන නොතිබීමයි. රිචර්ඩ් නික්සන්ගේ උප ජනාධිපතිවරයා වූ ඔහු 1974 දී ඔහු ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිධුරයට පත් වුණා.

අවසන් වරට, ධුරය දරමින් සිටි ජනාධිපතිවරයකු පරාජයට පත්ව ඇත්තේ 1992 වසරේ දී ය. ඒ, මෑතකදී මිය ගිය ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයායි. ඔහු සිය පළමු ධුර කාලය අවසන් කරමින් පැවති මැතිවරණයේ දී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාට පරාජය වුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පරාජයට පත් වුවහොත් මෙම නාමලේඛනයට එක්වන අලුත්ම නම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම වනු ඇත.

ඒ අනුව මැතිවරණය ජයගතහොත් ජනාධිපතිධුරය දිනා ගන්න ට්‍රම්ප්, පරාජයට පත් වුවහොත් ඉතිහාසගත වෙමින් ජයග්‍රහණයක් අත්පත්කර ගන්නවා.

යම් හෙයකින් ඔහු ජය ගත හොත්, එහිදී ඔහු ඉතිහාසයට එක් වීමට නියමිත වන්නේ ‘අමරිකානු ඉතිහාසයේ ජනාධිපති දිවුරුම ලබා දුන් වයෝවෘද්ධම‘ පුද්ගලයා ලෙසයි. මීට පෙර එම වාර්තාව හිමි කරගෙන සිටියේ දිවුරුම් දීමේ දී 73 හැවිරිදි වූ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයායි. ට්‍රම්ප්ගේ දැන් වයස අවුරුදු 74 කි.

by @iamBharatha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button