දේශීය

ගෙවුණු වසරට පළාත් නවයට ආණ්ඩුකාරවරු 13 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වී ගෙවුණු වසරක කාලය තුළ පළාත් නවය සදහා ආණ්ඩුකාරවරුන් 13 දෙනෙකු පත් කර තිබේ.

2019 නොවැම්බර් මස 16 වැනිදා ඔහු ජනාධිපතිධුරයට පත්වන විට මෙරට ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු සිටි අතර ඒ සියලු දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ අයවළුන්ය. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ආණ්ඩුකාරවරුන් නව දෙනා පත් කරනු ලැබීය.

  • 1 රාජා කොල ්ලුරේ – ඌව
  • 2 ටිකිරි කොබ්බෑකඩුව – සබරගමුව
  • 3 අහමඞ් ජමාල්ඩීන් මොහමඞ් මුසම්මිල් – වයඹ
  • 4 විලියම් විජේසිංහ – දකුණ
  • 5 සීතා අරඹේපොල – බස්නාහිර
  • 6 ලලිත් යූ. ගමගේ – මධ්‍යම
  • 7 තිස්ස විතාරණ – උතුරු මැද
  • 8 අනුරාධා යහම්පත් – නැගෙනහිර
  • 9 පී. එස්. එම්. චාල්ස් – උතුර

නමුත්, පත් කිරීමෙන් මාස හතරකට පසු බස්නාහිර ආණ්ඩුකාර සීතා අරඹේපොල හා උතුරු මැද ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ ඉන් අල්ලා අස්විය.

ඒ අනුව, 10 වෙනි හා 11 වෙනි ආණ්ඩුකාරවරුන් ලෙස මහීපාල හේරත් හා රොෂාන් ගුණතිලක යන අය එම තනතුරු සදහා පත් කරනු ලැබීය.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී යළිත් මොහොමඩ් මුසම්මිල් හා රාජා කොල්ලුරේ එම තනතුරුවලින් ඉල්ලා අස් වූ අතර, ඒ පුරප්පාඩු සදහා මොහොමඩ් මුසම්මිල් වෙනුවට රාජා කොල්ලුරේ ද රාජා කොල්ලුරේ වෙනුවට මොහොමඩ් මුසම්මිල් ද පත් කරනු ලැබූයේ වත්මන් ජනාධිපතිවරයා යටතේ පත්වීම් ලද 12 වෙනි හා 13 වෙනි ආණ්ඩුකාරවරුන් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button