ට්‍රම්ප් – අළුවිහාරේ න්‍යායෙන් දිනන්න හදයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය දිනන්නේ නැති බව පැහැදිලි වෙමින් තිබේ. හදිසියේම ජාතිය ඇමතූ ඔහු කිවේ ජනාධිපතිවරණයේ ඡන්ද ගනන් කිරීම දුෂිත බව ය.
ඊයේ විජයග්‍රාහී කතාවක් කළ ට්‍රම්ප්, අද කියන්නේ නිරීක්ෂකයින්ට නොපෙනෙන ලෙස ඡන්ද ගණන් කරන බවකි. තැපැල් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම වැලැක්වීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ද ට්‍රම්ප් නිවේදනය කර ඇත. ට්‍රම්ප් මේ මැතිවරණය පරාජය වන බව දැන දැනම ඒ වෙනුවෙන් දීර්ඝ කාලීනව සිදු කළ කුමන්ත්‍රණ ගණනාවකි.
මේ ආකාරයේම අදෝනා ලංකා දේශපාලනයේද බහුලය. කොම්පියුටර් ජිල්මාට්, විදේශ කුමන්ත්‍රණ මෙන්ම දෙමළ ඡන්දවලින් දිනුවා වීම මුස්ලිම් ඡන්දවලින් දිනුවා වීම ඒ අතර බහුලය. මේ ඡන්දයේදී මෙහෙම දෙයක් දුටුවේ මාතලේ දී ය. ට්‍රම්ප් යන්නේ ඒ පාරේය.
වසර 32 කට පසුව මාතලෙන් පරාජයට පත් වූ අළුවිහාරේ පරම්පරාවේ රංජිත් අළුවිහාරේ ගිය පාරේ යන්නට ට්‍රම්ප් උත්සහ කරනමි සිටී.
ඇමරිකානු ඉතිහාසයේ දෙවන වර ජනාධිපතිපති ධූරයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට මේ දක්වා අසමත් වූයේ පස් දෙනෙකු පමණී. විලියම් ටර්ෆ් (27 වන ජනපති), හර්බට් හූවර් (31 වන ජනපති), ජෙරල්ඩ් ෆෝඩ් (38 වන ජනපති), ජිමි කාටර් (39), ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) (41) අතරට ට්‍රම්ප් ද එකතු වනු ඇත.
මිචිගන් තැපැල් ඡන්ද ගණන් කිරීම වැලැක්වීම සඳහා ට්‍රම්ප් ගේ නීතිඥයින් මේ වන විට පෙත්සමක් සකස් කරමින් සිටී. මිචිගන් තැපැල් ඡන්දයෙන් බයිඩ්න් ජය ගැනීම ස්ථිර බව කියවෙන අතර, එසේ වුවහොත් ඇමරිකාවේ මීලඟ නායකයින් වන්නේ ජෝ බයිඩ්න් හා කමලා හැරිස් ය.
ඡන්දය ගණන් කිරීම පිළිබඳ අක්‍රමිකතා ඇතැයි ට්‍රම්ප් ප්‍රකාශ කරයි. එසේ නමුත්, ඡන්ද දුෂණයක් ගැන කිසිදු සාක්ෂියක් මේ දක්වා ඉදිරිපත් වී නැත.
පසුගිය මහා මැතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ ද ඡන්ද දුෂණයක් නිසා තමාට මන්ත්‍රී ධූරය අහිමි වූවේ යැයි හිටපු ඇමති රංජිත් අළුවිහාරේ අධිකරණයට ගොස් ඇත. තමා මුලින් ජය ගෙන සිටි බවත්, ලග්ගල ඡන්දය ගණන් කළ පසු තමා පරාජය වී රෝහිණී කවිරත්න දිනු බවත් අළුවිහාරේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත. ලග්ගල ඡන්ද පෙට්ටි නැතිනම් තමා දිනන බව කියූ අළුවිහාරේ සේම, ට්‍රම්ප් කියන්නේ ද, තැපැල් ඡන්ද නැතිව තමන් ජයග්‍රාහයකයා ලෙස පත් විය යුතු බවය.
රෝහිණී ඉවත් කරන්නට ඇමරිකන් පුරවැසි බැසිල් රාජපක්ෂ නීතිඥයින් සපයා දී කොන්ත්‍රාත්තුව දුන්නේ ඩයනා ගමගේ ගේ ස්වාමියා වූ සේනක ද සිල්වා ට ය. ට්‍රම්ප් දිනවන්නට මිචිගන් ගණන් තැපැල් ඡන්ද ගණන් කරන්නට එපා කියන තියරිිය හැදුවේ කොයි ඇමරිකන් පුරවැසියා දැයි තවම දන්නේ නැත.
කෙසේ නමුත්, ජනමතයට රැල්ල හැදුණු විට මොන ජල්ලිය ඇල්ලුවත් හරියන්නේ නැතිබව කවුරුත් තේරුම් ගත යුතුය. අනෙක් අතට, කවුරුත් ඡන්ද දිනවා දෙන්නේ නැත. ඊට කැප විය යුතුය. ඇමරිකානු ඡන්දය ඊට කදිම නිදසුනකි.
ජනයුගය