දේශපාලන

අත්අඩංගුවට ගන්න බව ආරංචි වී රනිල් රට පනී….

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(04) රටින් පිටව ගොස් ඇත්තේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට ලද තොරතුරු මත බව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට ප්‍රභලයෙකුගේ ලද දැනුම්දීමක් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ රටින් පිටවී ඇතිබව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුනේය.

එම මාධ්‍ය විසින් එසේ වාර්තා කළද, මේ විදේශ ගතවීමේ හේතුව සම්බන්ධව කිසිඳු තොරතුරක් මේවනවිට නිවැරදිව අනාවරණය වී නැත.

ඊයේ පස්වරුවේ රනිල් වික‍්‍රමසිංහ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ කිසිදු හේතුවක් නොදන්වමිනි.

එමෙන්ම, මෙය සැලසුම් කරන ලද සංචාරයක් නොවන බව එජාප නායකයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායකට රටින් පිටවීම තහනම් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම හෙට දින දක්වා කල්දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button