දේශීය
පොහොට්ටුවේ, ස්ත්‍රී දූෂක රත්තරං අත්අඩංගුවට

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සංධානයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් ‘රත්තරං’ සහ ඔහුගේ රියැදුරා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අද(05) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පසුගිය වසරේ චීන ජාතික කාන්තාවක දූෂණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ය.
මෙම මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මතය.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා වන අතර, චීන කාන්තාවට අතවර කළබව කියන සිදුවීමට මාස කිපයකට ඉහතදී ද බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හිටපු මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඇපමත මුදාහැර තිබුණි.