දේශපාලන

මැදමුලන වලව්වට නව අධිවේගී පිවිසුමක් ඉදිකිරීමෙන් රුපියල් ලක්ෂ 465ක නාස්තියක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස නොබෝ දිනකින් මහජනයාට විවෘත වනු ඇත. ඉන්පසු බෙලි අත්තේ සිට බරවකකුඹුර දක්වා වූ කි.මී 28ක් වූ කොටසද ඉදිකිරීම් අවසන් වෙමින් පවතී.

බෙලිඅත්තේ සිට බරවකකුඹුර දක්වා වූ කොටසේ අධිවේගී හුවමාරු මධ්‍යස්තාන 4කි. බෙලිඅත්ත, කසාගල, අඟුනුකොලපැලැස්ස, බරවකකුඹුර ය. මෙහි බෙලි අත්තේ සිට කසාගල දක්වා වූ දුර 12kmකි.

මැදමුලන පිහිටි තම උපන් ගමට යාම සඳහා රාජපක්ෂවරුන්ට හට පහසු වී තිබුනේ මෙම බෙලි අත්ත හුවමාරුවෙන් පිටතට පැමිණීමෙනි. එහිදී ඔවුනට මැදමුලනට ලඟාවීම සඳහා යායුත්තේ 16km පමණි.

නමුත් එම 16km යාමට බෙලිඅත්තේ සිට පිටවීම මහා බරක් ලෙස දැනෙන්නට පටන් ගෙන ඇත්තේ නැවතත් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුය. ඒ අනුව ඔවුන් නව රජයේ පත්වීමත් සමග මැදමුලනට යාම සඳහාම නව අන්තර් හුවමාරු මාර්ගයක් කඩිමුඩියේ ඉදිකිරීමට උපදෙස් දී ඇත. මෙය බෙලිඅත්තේ සිට කසාගල අතර පිහිටි බැඳිගම හන්දියේ ඉදිකිරීමට පටන් ගෙන ඇත. මෙය ඉදිකිරීමෙන් පසු රාජපක්ෂවරුන් හට අධිවේගී මාර්ගයේ හුවමාරුවක සිට කි.මී 10ක් දුර ගෙවූ පසු තම ඉපන් ගම මැදමූලනට ලඟාවිය හැක. කිලෝමීටර් 04කින් පමණක් දුර අඩුකිරීම සඳහ රුපියල් ලක්ෂ 465ක වියදමක් දරමින් නව අධිවේගී අන්තර් හුවමාරුවක් ඉදිකිරීම ජාතික අපරාධයකි.


SL Story ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button