දේශපාලන
සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ශයේ අනුමැතිය ඇතිව නිර්මාණය කළ එකක්

සමගි ජනබල පෙරමුණේ ප්‍රධාන කොටස්කරු එක්සත් ජාතික පක්ෂය. සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ පෙරමුණක් බව රෝසි සේනානායක පවසයි. එමෙන්ම එම පෙරමුණේ නායකත්වය සහ අනෙකුත් ප්‍රධාන තනතුරු පත්කළේද එක්සත් ජාතික පක්ෂය විසින් බවත් ඇය පවසා සිටියි.
මගේ පුතා කනිෂ්ක සේනානායක ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබල පෙරමුණෙන්, සමගි ජනබල පෙරමුණෙන් ඡන්දය ඉල්ලන බහුතරය මාත් එක්ක අවුරුදු 20ක් විපක්ෂයේ ඉඳගෙන කට්ට කාපු, බිම් මට්ටමේ දේශපාලනය කරපු පිරිසක්.
මම කනගාටු වෙනවා පක්ෂය මේ වගේ තත්වයකට පත්වුණු එක ගැන. ඒ වගේම මම විශ්වාස කරනවා මේ ඡන්දයෙන් පසුව අපි ආයෙමත් එකතු වේවි කියලා.