දේශපාලන

අවුරුද්දක් ගැන ප්‍රශ්න දහයක්

අදින් අවුරුද්දකට පෙර, එනම් 2018 ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එය ව්‍යවස්ථා විරෝධී බව තහවුරු කෙරිණි.

01.

මහින්ද රාජපක්ෂ ඒ මොහොතේ අගමැති ධුරය භාරගත්තේ එය ව්‍යවස්ථා විරෝධී බවක් නොදැන ද ?

02.

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත්, ඊළග මොහොතේ අගමැති පමුඛ කැබිනට් මණ්ඩලය අලුතින් පත් කෙරෙන බව මහින්ද රාජපක්ෂ පවසන්නේ, එය ව්‍යවස්ථා විරෝධී බව නොදැන ද ?

03.

ව්‍යවස්ථා විරෝධී එම ක්‍රියාවලියට එරෙහි එජාප විරෝධය, අරලියගහ මන්දිරය රැකගැනීමෙන් එහාට ගෙන නොගියේ ඇයි ?

04.

ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලිය අධිකරණයේදී පරාජයට පත්වුවද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දක්වා ජවිපෙ ඉදිරියට ගියේ ඇයි ?

05.

මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ, අගමැති රනිල් වික්‍රමසිංහගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සාමූහික එකගතාවයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීමේ කඩිනම් උත්සාහයක් දැරුවේ ඇයි ?

06.

ඔක්. 26 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එරෙහි සටනේ සැගවුණු චරිතයක් වූ සජිත් ප්‍රේමදාස, එම උත්සාහයට එරෙහිව මාරාන්තික විරෝධයක් දැක්වූයේ ඇයි ?

07.

එදා නීතිවිරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කෙරුණු අවස්ථාවේත්, පසුගිය ඔක්තෝබර් 04 දා අභියාචනාධිකරණය මගින් ‘ප්‍රශ්නකාරී ලෙස’ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පෙත්සම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේත් රතිඤ්ඤා පත්තු කළේ ජනතාවගේ වුවමනාවට ම ද ?

08.

ඒ රතිඤ්ඤා වලට මුදල් වියදම් කළේ කවුද ?

09.

සජිත් ප්‍රේමදාස මරණ දඩුවම දෙන බවත්, ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන බවත් යළි-යළිත් කියන්නේ ඇයි ?

10.

බලය වෙනුවෙන් මේ සියලු කරුණු පෙළගැසෙද්දී, 2015 ජනාධිපතිවරණය දා රාත්‍රියේ සිදු කරන්නට ගිය බව පැවසුණු, සියල්ලන්ගේ එකගතාවෙන් යට ගැසුණු හමුදා කුමන්ත්‍රණයක් පිළිබදව, ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු වන වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සමග අලුතින් සාකච්ඡා නොවන්නේ යැයි කාටවත් සහතික දිය හැකිද ?

බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට ඔවුන් සූදානම් ය.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button