දේශපාලන

ගෝඨා එනවට මෛත්‍රී කැමතියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්ව තරග කිරීමටත්, අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටත් තීරණය වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති වාර්තා පළ වී තිබුනද පසුගිය බ්‍රහස්පතින්දා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ යලි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාලය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත් එම කාලය තුල එජාප විරෝධී ස්වදේශික නායකත්වයක් ගොඩනැගීමට මූලිකත්වය ලබාදෙන බවත් ජනාධිපති වරයා පවසා තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පොඩි වැඩපිළිවෙලක් යටතේ වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමග ජනාධිපතිවරණ උණුසුම යටගොස් මහමැතිවරණයක් පිලිබඳ උනන්දුවක් ඇති විය.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීන්තුව නිෂ්ප්‍රභ කිරීම නිසා වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම බලකර සිටියේ මහ මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පවත්වන ලෙසටයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව නියමිත කාලයට පෙර ජනාධිපති වරයනයක් පවත්වන්නේ නම් ඒ සඳහා බලයේ සිටින ජනාධිපතිවරයා ඉදිරිපත් වීම අනිවාර්ය වේ. එක්සත් ජාතික පක්ෂය ඉක්මන් ජනාධිපතිවාරණයක් පවත්වන ලෙස බල කර සිටියේ ඒ සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොමු කරවා ගැනීමේ අරමුණින් බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි. කෙසේ වෙතත් තමන් යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු වී තිබේ.

2020 වසරේ ජනවාරි 09 වැනි දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර ලබන වසරේ නොවැම්බර් දෙවැනි සතියේ ඒ සඳහා නාම යෝජනා කැඳවිය යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යලි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි තත්ත්වයක් තුළ බොහෝ දෙනෙකුගේ තේරීම වී තිබුනේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ ආශිර්වාදය ඔහුට හිමිව තිබු අතර රාජපක්ෂ පවුලේ තෝරා ගැනීමද ගෝඨාභය රාජපක්ෂ විය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය පිලිබඳ සැකයක් ඇතිවිය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යලිත් වරක් ජනාධිපති ධූරයට තරග කරනු ඇතැයි යන අදහසිනි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානින් සමග පසුගිය දිනක පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂයකා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයා එකඟතාව පළකර ඇත.

කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් නැත. මේ නිසා ඉදිරි දිනවලදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇතැයිද ඒ මහතාට සමීප නීතීඥවරයෙකු පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button