කෝවිඩ් එන්නත; ධනවතුන්ගෙන් ජනගහනය මෙන් තුන් ගුණයක් ඇණවුම්
ඊශ්‍රාලය ඇනවුම් කළ ෆයිසර් සහ බයෝඒන්ටෙක් සමගම් එක්ව නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නතේ පළමු තොගය අද (10) එරටට ළඟා වී ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඒ සම්බන්ධව සිය සතුට පළ කරමින් පවසා ඇත්තේ කොරෝනා වසංගතයේ අවසානයක් පෙනේනට ඇති බවයි. ඒ අනුව, ඊශ්‍රායලයේ එන්නත ලබා ගත් පළමු පුද්ගලයා වීමට තමා අදහස් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
පළමු අදියරේදී, සෞඛ්‍ය සේවයින්, වැඩිහිටියන් සහ අවදානම් සහිත පුද්ගලයින්ට මෙම එන්නත ලබා දීමට නියමිතයි.
අදාළ එන්නත් තොගය මේ වන විට, ගබඩා කිරීම සඳහා ප්‍රවාහනය කටයුතු ආරම්භ කර තිබේ.
ඊශ්‍රායලයෙන් කොරෝනා ආසාදිතයින් 348,948 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,932කි.
මේ අතර පසුගියදා බ්‍රිතාන්‍ය එරට කොරෝනා එන්නත් වැඩසටහන ආරම්භ කළ අතර කැනඩාව ද මේ වනවිට එන්නත සඳහා අනුමැතිය දී අවසන් ය.
කෙසේ නමුත්; ධනවත් රටවල් තම ජනගහනය මෙන් තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබා දීම සඳහා ප්‍රමාණවත් තරම් කොවිඩ් -19 එන්නත් මාත්‍රාවක් මිල දී ගෙන ඇති බව ජාත්‍යන්තර එන්නත් නිරීක්ෂණ කණ්ඩායමක් පවසයි, නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල වෛරස් වසංගතය අවසන් කිරීමේ වැඩසටහන් වේගයෙන් පසුබසිමින් සිටී.