බේරූට් පිපිරීම ගැන අගමැතිට සහ ඇමතිවරුන්ට වරද පැටවේ
ලෙබනනයේ බේරූට් නුවර සිදුවූ විනාශකාරී පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයට නායකත්වය දුන් විනිසුරුවරයා විසින් අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනෙකුට සාපරාධී නොසැලකිලිමත්කම හේතුවෙන් සිය ගණනක් මරණයට පත් කිරිම සම්බන්ධයෙන් වරද ආරෝපණය කර ඇත.
ඒ අනුව, භාරකාර රජයේ අග්‍රාමාත්‍ය හඩ්සන් ඩයබ් ලබන සතියේ අග්‍රාමාත්‍ය නිල නිවසේදී ප්‍රශ්න කිරීමට නියමිතය. විමර්ශනයේ ප්‍රධානියා විසින් හිටපු පොදු වැඩ හා ප්‍රවාහන අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ගාසි සයිටර් සහ යූසෙෆ් ෆෙනියානෝස් සහ හිටපු මුදල් ඇමති අලි හසන් කලීල් ද ප්‍රශ්න කරනු ඇත.
මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම න්‍යෂ්ටික නොවන පිපිරීමෙන් බේරූට් වරායේ රසායනික ද්‍රව්‍ය තොගයක් පුපුරා යාම නිසා අගෝස්තු මාසයේදී පුද්ගලයන් 200 ක් පමණ මිය ගොස් දහස් ගණනක් තුවාල ලැබූහ.
අග්‍රාමාත්‍ය ඩයබ් හිටපු විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකි. ඔහු 2020 ජනවාරි මාසයේදී අගමැති ධුරයට පත් වූ අතර ව්‍යසනයෙන් දින කිහිපයකට පසු ඉල්ලා අස්විය. ලෙබනනයේ නීති සම්පාදකයින් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට අපොහොසත් වී ඇති හෙයින් ඔහු එතැන් සිට භාරකරු ලෙස කටයුතු කළේය.