සමාජ

මෙලමයින් රසායනිකය නිහඩවම ලංකාව බිලි ගනියි

ගුණාත්මක ආහාර අපනයනය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම පිළිබඳව කාර්යසාධනය විගණනයට ලක් කිරීමේදී මෙලමයින් අඩංගු කිරිපිටි හා වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ද්‍රව්‍ය රැසක් පිලිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම රට තුල මහත් ආන්දෝලනයක් ඇති කල නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටිවල මෙලමයින් නම් රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් තිබියදී කිසිම බාධාවකින් තොරව මෙරට වෙළඳපොලේ විකුණන බව සොයාගෙන තිබෙනවා. මෙය පරික්ෂා කිරීම වෛද්‍ය පරියේෂණ ආයතනයේ වගකීම වන අතර, ආණ්ඩුව එම පරීක්ෂණ කටයුතු අනවශ්‍ය බව සඳහන් කර තොග මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

විගණන වාර්තාවේ මේ ගැන සඳහන් වන්නේ “කිරිපිටි සඳහා නිෂ්පාදනය කරන රටෙන් නිකුත් කල අනුකූලතා සහතිකය මත නියැදි පරීක්ෂාවකින් තොරව කිරිපිටිවල මෙලමයින් අඩංගු නොවන බවට සෑහීමකට පත් වීමෙන් ඉහත රෙගුලාසි අනුව කිරිපිටි තොග නිදහස් කර තිබුණි.” යනුවෙන්ය. නිෂ්පාදිත රටේදී එම සහතිකය ලබා දී ඇත්තේ ‘නවසීලන්ත ආහාර අධිකාරිය’ විසින් ඔවුන්ගේ නිෂ්පාදන මෙරට විකිණීම සඳහාය. නවසීලන්තයේ ගෙන්වන කිරිපිටිවල මෙලමයින් අඩංගු බව පසුගිය රජයේදී රට තුල අතිමහත් ප්‍රචාරයක් කර කෙටි කලකට එම කිරිපිටි තහනම් කරනු ලැබීය. නමුත් කෙටි කාලයකින් එම තහනම ඉවත් කෙරිණි.

නවසීලන්ත කිරිපිටි සමාගම යලිත් ජාවාරම ආරම්භ කළ අතර, වර්තමාන ආණ්ඩුව යටතේ එම තොග වලින් නියැදි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය පවා ඉවත් කර ඇත. මෙරටට ගෙන්වන අර්තාපල් සහ බී ළූණු වල පවා කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබෙන බව හෙළි වී තිබෙනවා.


ලංකා මාරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button