ධම්මික පැණිය ‘චට්නියක්’ ලෙස පමණක් භාවිතයට අවසර
කොරොනා වෛරසය මැඩලීමට හැකි යැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල නැමැත්තෙකු විසින් නිෂ්පාදනය කර ඇති පැණිය, ආහාර අතිරේකයක් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව එයට කොරොඉන සුවකළ හැකි බව හෝ එය ඖෂධයල් ලෙස නිර්දේශ කර නැත.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ප්‍රතිකර්ම පිළිබඳ ජාතික කමිටුව විසින් එම පැණිය ආහාර අතිරේකයක් (චට්නියක්) ලෙස හඳුනාගත් බවයි. එය සකස් කර ඇත්තේ මී පැණි, සාදික්කා වැනි එදිනෙදා භාවිතා කරන ශරීරයට අහිතකර නොවන දේවලින් නිසා අමාත්‍යංශය යටතේ ඇති ඖෂධ අනුමත කමිටුව මගින් එලෙස අනුමත කළ බවද ඔහු සඳහන් කළේය.
අදාළ ඖෂධය වතුපිටිවල රෝහලේ දී අවස්ථා දෙකකදී සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත රෝගීන් සියයට සීයක්ම සුවපත් වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය. එසේ වුවද අමාත්‍යවරයාගේ මෙම ප්‍රකශය හුදු පැණි ප්‍රවර්ධන දැන්වීමක් ආරෙන් සදහන් කරන්නක් මිස විද්‍යාත්මකව ඔප්පු කිරීමට කිසිවෙක් සමත් වී නැත. එවැනි හැකියාවක් පිළිබඳ අවසන් කළ පරීක්ෂණවලින් ද සනාථ වී නැත.
මේ අතර, මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට අට දහසේ සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 694ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30,072ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදන මරණ දෙකක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනය වන විට කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,128ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,800කි.