දේශීය

“පාසල්වල ආරක්ෂාවට දෙමව්පියන් සම්බන්ධ කරගන්න එපා” – අධ්‍යාපන අමාත්‍යංශය

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා.

ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මව්පියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදුව ඇති බව ද, ගැබිණි මවුවරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ යෙදි සිට ඇති බවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට බලකරමින්, දරුවන් හා මව්පියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක් පිළිබඳවද පැමිණිලි රැසක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් ‍පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button