When We Were Orphans
මතක මං අතර
කසුවෝ ඉෂිගුරෝ
පරිවර්තනය: අමාලි බොරළුගොඩ
විසිවැනි සියවසේ මුල්භාගයේ ෂැංහයි හි උපත ලැබූ ඉංග‍්‍රීසි ජාතික ක‍්‍රිස්ටෝෆර් බෑන්ක්ස්
සිය දෙමාපියන් අබිරහස් ලෙස අතුරුදන් වීම නිසා අනාථ දරුවකු සේ එංගලන්තයේ හැදී වැඩෙයි. වසර
ගණනාවකට පසු ලන්ඩනයේ සුප‍්‍රකට රහස් පරීක්ෂකයකු බවට පත්වන ඔහු සිය දෙමාපියන් අතුරුදන් වීම
පිළිබඳ අබිරහස විසඳීමට නැවත ෂැංහයි බලා යයි. දෙවැනි ලෝක යුද්ධයට පසුබිම් සැකසෙන සමයේ ලන්ඩන්
හා ෂැංහයි නගර අතර දෝලනය වෙමින් ගලා යන ‘මතක මං අතර’ කෘතිය මතකය, කුතුහලය හා තමා අයිති තැනට ආපසු යෑමේ පෙලඹවීම පිළිබඳ වන අපූර්ව කතා පුවතකි.
Demian
Hermann Hesse
හර්මන් හෙස
ඩේමියන්
පරිවර්තනය: මහින්ද පතිරණ
‘ඩේමියන්’ යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන ප‍්‍රයත්නයකි. ඔහුගේ
තමා සොයා යන ගමනේ දී තැබූ බරපතළම පිම්ම ලෙස ද එය සඳහන් කළ හැකිය . කොටින් ම ඬේමියන් ප‍්‍රශ්න
කරනුයේ, අභියෝගයට ලක් කරනුයේ නූතන ක්‍රිස්තියානි වටිනාකම් පද්ධතිය, එමෙන් ම හොඳ හෝ
නරක හා අඳුරු හෝ දීප්තිමත් ලෙස කෘතිමවව බෙදා දැක්වූ ලෝකයයි.
‘ඬේමියන්’ නවකතාව තුළ කතා කරන ඉහත සඳහන් දාර්ශනික පක්ෂයට අමතර ව එය මනෝවිද්‍යාත්මක
විශ්ලේෂණයන්ගෙන් හෙබි කෘතියක් ලෙස ද නම් කළ හැකිය.
The Life of An Exemplary
Revolutionary Guerrilla
අයි. ලැව්රෙට්ස්කි
චේ: චරිතාපදානය
පරිවර්තනය: චූලානන්ද සමරනායක
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට
හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කළේ ස්වකීය දේශයේ
විමුක්තිය පතා අරගල කිරීමට සූදානම් වෙමින් සිටි පිදෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව
අතිශය දුෂ්කර වූද, කටුක වූද, එපමණටම විප්ලවකාරි වූද මාවත තෝරා ගත්තේය. කියුබානු විමුක්ති
අරගලය වනාහි ඔහු විසින් අපේක්ෂිත දිගු ගමනේ ප‍්‍රථම වියපර. විප්ලවීය අදිටනින් ජවය ගෙන
ග‍්‍රැන්මාවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දැන සිටි එක් දෙයක් විය. එය නම් ජයග‍්‍රහණය හෝ
මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැකි බවයි. එහෙත්, මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය.
එය නම් සිය ජීවිතය මෙන්ම මරණය තුළින් තමා සමකාලීනයනට මෙන්ම මතු පරම්පරා ගණනාවකටද මඟ
පෙන්වන නියමුවකු වන බවයි.
In Evil Hour
විකල් හෝරාව
ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්
පරිවර්තනය: නිලූක කදුරුගමුව
එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා
ප‍්‍රාදේශීය නගරයක කිසිවෙක් නිර්නාමික කැලෑ පත්තර අලවන්නට පටන් ගනියි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඒ
කුඩා නගරයේ සාමාන්‍ය ජන ජීවිතය භාජනය වන්නේ යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි සුවිසල් වෙනසකටය.
ලොව ශ්‍රේෂ්ඨතම නවකතාකරුවකු වූ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්
‘විකල් හෝරාව’ නවකතාව සාකච්ඡුාවට බඳුන් කරන්නේ ලතින් ඇමෙරිකාවට පමණක් සීමා වූ හෝ එක්තරා සුවිශේෂී කාල වකවානුවකට පමණක් සීමා වූ හෝ තත්ත්වයක් ගැන නොවේ. පාදඩ, නිහීන දේශපාලනයේ අනිවාර්ය ප‍්‍රතිඵල වූ සැකය, බිය, දුෂණය සහ භීෂණය ගැන සර්වදේශික, සර්වකාලීන මෙන්ම ජීවමාන උදාහරණ ‘විකල් හෝරාව’ අපට සපයයි.
The Queue
පෝලිම
ව්ලැදිමීර් සොරෝකින්
පරිවර්තනය © චූලානන්ද සමරනායක
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්
අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය’ අතෘප්තිය, ඉවසිල්ල යනුවෙන් වරනැඟෙනා යටහත්බව සහ ඒ අවසන
පැන නැඟෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි
සංවාද පෙළක්, මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ‘පෝලිම’ නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි. එහෙත්, මෙහි
යටිපෙළින කියැවෙනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ්‍යය
බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම දහදිය කඳුඑතින් බිහිකරගත්
පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ සංකීර්ණ පුවතයි. මෙහි එන දෙබස් පෝලිමෙහි
රස්තියාදුවන පුරවැසියාගේ අත්දැකීම කියවන පාඨකයාද නොදැනුවත්වම එහිම සාමාජිකයකු බවට පත්කරන
තරම් ප‍්‍රබලය. සෝවියට් බලධාරීන් විසින් තහනමට ලක් කරන ලද මේ අගනා නවකතාව මානව ඉතිහාසයෙහි එක්
වැදගත් පරිච්ෙඡ්දයක් කෙරෙහි නව්‍ය වූ ආකෘතියක් හරහා සිදුකෙරෙන සාහිත්‍යමය විචාරයක් මෙන්ම
රුසියානු-සෝවියට් සාහිත්‍යයේද කැපීපෙනෙනා කඩඉමක් ලෙස විචාරක සම්භාවනාවට පාත‍්‍රවෙයි.
The Book of Joy
ප‍්‍රමුදිත ජීවිතයක්
ඩග්ලස් ආබ‍්‍රහම්ස්
සිංහල පරිවර්තනයේ අයිතිය © කුඩගම්මන සීලරතන
දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප‍්‍රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි. පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව, ඉවසීම සහ අපේක්‍ෂා සහගත සන්සුන්කම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප‍්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය.
කුමර කොබෙයි
ශමෙල් ජයකොඩි
නිහඬ ගති පැවතුම් ඇති, කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීර්ග කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය. අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු ඇමෙරිකානු භූමිය මත ඇදෙන ඒ සතියක ගමන ඇයට අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග මිටියාවත් මුණ ගස්වන්නේය; හදවතේ ගැඹුරද, ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය. සිය පමා වූ විවාහය තුළ තිබූ අවනම්බුව, මංමුලාව, අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප‍්‍රමෝදය, මිත‍්‍රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද, ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මයක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි.
වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අපේ පැවැත්මේ නූතන පැතිකඩක් ආකර්ෂණීය මෙන්ම ශෝකාත්මක
හඬකින් අපූර්ව ලෙස ගෙත්තම් කරමින්, කොදෙව්වක උපන් මිනිසුන් මහාද්වීපයක් මත අත හරින මෙම නවකතාව,
සන්තුෂ්ටිය සොයා යන ලාංකික මිනිස් සමාජයක් අත්දකින ආලෝකය හා අඳුර නිරාවරණය කරන්නේ ජීවිතය
යනු මහාද්වීපික ගමනක්ම බව පසක් කරමිනි.
ඉවුරු – ගඟ සිඳී ගිය දා
කැත්ලීන් ජයවර්ධන
සුන්දර මුහුණක් දැකීමෙන් උපදින ස්වාභාවික ආදරය සහ අසුන්දර රූපකායක් පෙනීයාමෙන් හටගන්නා නිරායාස පිළිකුල් සහගත අනාදරය විමර්ශනයට ලක්කරමින් සර්පයන්ට ලැගුම්ගෙවල් තනා දෙන්නට යොමු වූ දෑතක්….
අම්මාවරුයි බුදුවන්නේ යැයි කියන සමාජයක තමාගේම දරුවනට පමණක් ලේ කිරි කර පොවන මාතෘත්වය හා බුද්ධත්වය අතර වන මහා වෙනස විමසා අම්මාවරුනට බුදුවිය හැකිවන්නේ දරුවන්ගේ ලෝකයේම පමණකි යි හඳුනා, බුද්ධත්වය කෙසේ වෙතත් නිර්වාණය වුව මවකගෙන් ඈත් කර තබන ප‍්‍රබලම සාධකය දරුවන් ම බව සාක්ෂාත් කළ දියණියක්….
ථේරවාදී රටවල කාන්තාවට පැවිද්ද සහ උපසම්පදාව අකැපවීමත්, අනුරාධපුර යුගයෙන් පසුව භික්ෂුණී ශාසනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව කිසිදු රාජ්‍ය නායකයකුට හෝ සඟරජ හිමිනමකට හෝ නොපෙනී යාමත් පදනමෙහි ම පවතින දේශපාලනය හඳුනා, සංස්ථාපිත ආගමක, සංස්ථාගත නිලබලය ස්ත‍්‍රියකගේ අධ්‍යාත්ම ගවේෂණයට වැටකොටු නොබඳින බව සැහැල්ලූවෙන් වටහාගත් මෙහෙණියක්…. බාහිර දිලිසීම් කොතෙක් පැවතුණ ද තාක්ෂණික අනන්තභාවයේ හදිසි අනතුරට මුහුණ පාණ ව්‍යාජ තොරතුරු ගංගාවේ ගසාගෙන යමින් සිටින ‘නූතන මිනිසා’ ගොඩගත හැකි කිමිදුම්කරුවකු සිටීදැයි හාත්පස විමසන පර්යේෂකයෙක්….
තිවත
පද්මිනී සෙනෙවිරත්න
“රාජසිංහ රජතුමාද අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පළම නසමින් දැහැමෙන් රාජ්‍ය කිරීමෙහි නියුක්ත වූ බව දත යුතුය.” සීතාවක රාජසිංහ රජු පිළිබඳව මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි, ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු, රාජ්‍ය වර්ෂ 1599 දීය. එහෙත්, ප‍්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප‍්‍රකට ඉතිහාසයට එරෙහිව යමින් රාජසිංහ රජුගේ මනුෂ්‍යත්වය හෙරෙහි කරන ඉතිහාස ලේඛනද අතළොස්සක් පවතී. අප‍්‍රකට මූලාශ‍්‍ර කිහිපයක් ඇසුරු කරගෙන කතුවරියගේ පරිකල්පනයෙන් ලියැවුණු ‘තිවත’ නවකතාව, අර්ථයෙන් ධර්මයෙන් රාජ්‍ය කළ රජෙකු අධර්මිෂ්ඨයකු හා දුෂ්ටයකු ලෙස ඉතිහාසයට එක් වූයේ කෙසේදැයි හෙළි කරයි.
රතු ඉරි අඳින අත
ලියනගේ අමරකීර්ති
මාරක කතෘ හාස්‍ය කතා වැනි ජනප‍්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක‍්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන රතු ඉරි අඳින අත සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප‍්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳව අනුවේදනීය චිත‍්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.