කලා

මුකේෂ් අම්බානිගේ දියණියගේ මංගල උත්සවයේ නැටුම් අධ්‍යක්ෂණය අපේ රටේ චන්දන වික්‍රමසිංහගෙන්

ලෝකයෝ ඉහළම ධනවතුන් අතර වැජඹෙන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ එකම දියණිය වන ඊෂා අම්බානි මෙනවියගේ සහ ආනන්ද් ප්‍රියාමාල් මහාතාගේ විවාහයේ නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂවරයෙක් සහ නර්ථන ශිල්පියෙක් වන චන්දන වික්‍රමසිංහ මහතා වෙත ලබාදී ඇත.

ලෝක ප්‍රකට නර්ථන ශිල්පින් සහ ලෝක මට්ටමේ නැටුම් ශිල්පීන් රැසක් සිටින ඉන්දියාවේ ප්‍රමුඛතම උත්සවයක නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවට හිමිවීම රටක් වශයෙක් අප සැමටම ආඩම්බර විය හැකි කාරණයක් බව ඊයේ (11) රාත්‍රියේදී කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ඉන්දියාව බලා පියාසර කිරීමට මොහොතකට පෙර වික්‍රමසිංහ මහතා අප සමඟ සඳහන් කළේය.

ඒ සඳහා ඊයේ රාත්‍රියේ විසි දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගියහ.

මෙම උත්සවයේ ප්‍රථම නර්ථන අංගය වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ සෙංකඩගලපුරවරය ආශ්‍රිත නිර්මාණයකි. මේ පිළිබඳව සඳහන් කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ දැවැන්ත නිර්මාණයක් වශයෙන් ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවද නිරූපණය වන සේ මෙම නිර්මාණ ඉදිරිපත් කරන බවය.

මෙම අවස්ථාවට ලෝකයේ ප්‍රමුඛතම දේශපාලකයන්, ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන්, සිනමා හා නැටුම් අධක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

ඇමෙරිකාවේ හිලරි ක්ලින්ටන් මහත්මියද ඊයේ (11) දිනයේදි විශේෂ ජෙට් යානයකින් මුම්බායට පැමිණ මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.

දේශිය නැටුම් සම්ප්‍රදාය ජාත්‍යන්තරයට ගෙනයාමට මෙය ශ්‍රී ලංකාවට ලැබුනු මහගු අවස්ථාවකි. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදෙමින් ඊට සහභාගී වන චන්දන වික්‍රමසිංහ මහතා ඇතුලු කණ්ඩායමට අපගේ සුබපැතුම්..!


සචිත් යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button