කලා

ඉරාන සිනමා දැක්ම හෙට(12) සිට කොළඹදී

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන ඉරාන සිනමා දැක්මක් දෙසැම්බර් මස 12(හෙට) වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේ.

කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙම සිනමා දැක්ම පවත්වනු ලැබේ.

නව පරපුරේ ඉරාන සිනමාකරුවන්ගේ තෝරාගත් සම්මානනීය සිනමා නිර්මාණ කිහිපයක් මෙහිදී තිරගත වීමට නියමිතය.

ඒ අනුව දෙසැම්බර් 12 සිට 16 දක්වා තිරගත වීමට නියමිත සිනමාපට,

දෙසැම්බර් 12 – “The girl in the sneakers”

දෙසැම්බර් 13 – “M for mother”

දෙසැම්බර් 14 – “The tear of the cold”

දෙසැම්බර් 15 – “The song of sparrows”

දෙසැම්බර් 15 – “Sandstorm”

දෙසැම්බර් 16 – “Secret Club”

දෙසැම්බර් 16 – “Super star”

සියලුම දර්ශන පස්වරු 06ට ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 15 සහ 16 දින දෙකේදී පමණක් පස්වරු 03ට සහ 06ට සිනමාපට 02ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතවේ.

සියලුම සිනමාපට නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button