ලංකාවේ මුස්ලිම් කොරෝනා දේහ ආදාහනය, ජාත්‍යන්තර ගැටළුවක්
කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් නයින්ටීන් ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍යවරයා,
“මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නෑ.
ලෝකයේ රටවල් 189ක ආදාහනය ඇරුණහම භූමදානයත් ලබා දීලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානය ලබා දීලා තියෙනවා. මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා.
මේක විද්‍යානූකූලව සලකා බලලා, මේ සම්බන්ධයෙන්, මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියන එක.“
එසේම, මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දීමත් සමග අදාළ ගැටලුව නිරාකරණය වෙමින් ඇති බවයි.
ශ්‍රී ලංකා රජය කොරෝනා මෘතදේහයන් භූමදානය ට මෙතෙක් අවසන් ලබාදී නැති අතර ඊට මුස්ලිම් සමාජයෙන් බරපතළ විරෝධයක් එල්ල විය. මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් මෙසෙන ප්‍රදේශවල දී කොරෝනා පරීක්ෂණ වලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප විය.
මේ තත්ත්වය මත රාජ තාන්ත්‍රික මට්ටමින් සිදු වූ අදහස් වූ මාරුවකින් අනතුරුව මාලදිවයින මෙරට මුස්ලිම් දේහයන් භූමදානය කැමැත්ත පළ කර ඇතැයි තව දුරටත් සදහන්.
මේ අතර, කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ සෞඛ්‍ය නිර්දේශ වලට අනුව භූමිදානය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේර. ද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
මුස්ලිම් ජනතාවගේ වේදනාව තමන්ට දැනෙන බවත් ඒ නිසා සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව භූමිදානය කිරීමට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.