පුරවැසි කොළම

ප්‍රයිවට් බස් ගැමුණුට මගියෙකුගෙන් ආදරණීය ලිපියක්

හිතවත් ගැමුණු වෙත,

ආදරණීය ගැමුණු. ඔයාට ලිපියක් ලියන්න බොහෝ කලක සිට සිතුවත් එය මගහැරුණා. සමාවෙන්න.

පසුගිය දවසක ඔයා මාධ්‍ය සාකච්චාවකට පැමිණ හොටු පෙරාගෙන අඩපු හැළටි දැක්කම හදවත වෙඩරු පිඩක් සේ උණුවුන නිසා කොහොමහරි ලියනවා කියලා හිතුවා.

ඒකත් ඔයාගේ බස් සේවයේ කණට මීපැණි දාන එෆ් එම් නාළිකාවකින් දෙසවන් පිනායමින් ගාට ගාටා යන ලොරි තට්ටුවක ඉඳගෙන.

ඔයා කියනවා බස් කෙරුවාව පාඩු ලබමින් අගාධයට යන බව. ඒකට වගකිව යුතු කවුද මගේ රත්තරං මචෝ. ඊයේ කොළඹින් නැගපු මත්තේගොඩ බස් එක ඉබි ගමනින් කොට්ටාවට ඇවිත් පැය බාගයක් නවතාගෙන ඉන්නකොට සිතුවිලි අතරට ගිය මට ඔයාගේ පවුලේ උදවියත් අප හිතාදර ප්‍රවාහන ඇමතිලා හා නිළධාරීන්ගේ පවුල්වල අයත් මතක් වුනා.

මම ගිහින් තියෙනවා මොංගෝලියාවට එහෙ එතකොට තිබුනේ අපේ ලොකු දෙමහල් නිවසකට වඩා ටිකක් ලොකු එයාර් පෝට් එකක්. එදා කොරියාවෙන් ආපු ගුවන්යානයෙන් එරට ගිය විදේශිකයින් තිදෙනාගෙන් කෙනෙක් මම. එහි අගනුවර වන උළන්බටාර් හිදී මා දුටුවේ මගී බස්රථ. ලොරි නොවේ. ලෝකයේ දියුණු වෙමින් පවතින අපටත් වඩා දුප්පත් (එවක) රටක පවා එහෙමයි මචං. මට වඩා උබ රට රටවල ගිහින් තියෙන බව මම දන්නවා….

ඉතින් මචෝ උබ නාඩ හිටපන් තව ටිකක් මගීන්ට ආදරෙන් කරුණාවෙන් කතාබහ කරන උබේ ගෝලයෝ මේක ගොඩදායි. උන් පට්ට නීතිගරුක සෙට් එකක් කියලා හැමතැනම කතා වෙනවා මට ඇහිලා තියෙනවා. උඹලා සපයන සුපිරි සේවයට දවසින් දවස මගීන් වහ වැටිලා තියෙන වාහනත් විකුණලා බස්වල යන්න ගන්න කාලය ලගයි මචෝ….

ඒ නිසා පාඩුයි කියලා අධෛර්යමත් වෙන්න එපා. මෙහෙමම කරගෙන පලයං.තව ටික කාලෙකින් සෑහෙන දියුණු වෙයි. ඊළගට එන ආණ්ඩුවටත් සෙට් වෙයං උන් එතකොට උබලගේ චූට් චූටි අඩුපාඩුවක්වත් හොයන එකක් නෑ….

අපිත් උදේ හවස බස්වල ගන්න ෆන් එක හිතලා උබ කියන පැත්තකට ඡන්දය දෙන්නම්. තව ගොඩක් ලියන්න තයෙනවා. පස්සේ ලියන්නම්….

ගෙදර හැමෝම ආදරයෙන් මතක්කලා කියපන්. උඹටත් අපිටත් තිස්තුන් කෝටියක් දෙයියන්ගේ පිහිටයි.

මීට උඹේ ආදර මිත්‍ර
මගියා


චමින්ද කොඩිකාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button