දේශීය
කොරෝනා ආසාධනය වී සිටි දොස්තර නෙවිල් ප්‍රනාන්දු මිය යයි – බිරිදත් අයි.ඩී.එච්.
සයිටම් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කෝවිඩ්-19 ආසාධනය වීම හේතුවෙන් අද (4) පස්වරුවේ අභවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට 89 වැනි වියෙහි පසු විය.
හා එක්සත් ජාතික පක්ෂයේ පානදුර මැතිවරණ කොට්ඨාශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1977 දී පාර්ලිමේන්තුමේන්තුවට ද තේරී පත් වූ ඔහු පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්වරයකු ලෙස ද කටයුතු කළේය.
දේහය පිළිබද අවසන් කටයුතු කෝවිඩ් රෙගුලාසිවලට අනුව සිදු කිරීමට නියමිතය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සැලකෙන්නේ කෝවිඩ් ආසාධනයෙන් මෙරට දී මිය ගිය දෙවැනි වෛද්‍යවරයා ලෙසයි.
එසේම, නෙවිල් ප්‍රනාන්දු මහතාගේ භාර්යාව වන ස්වර්ණමාලි ප්‍රනාන්දු ද කෝවිඩ් ආසාධනය වීම හේතුවෙන් මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඇයගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.