දේශීය

පැත්ත පැරදුණත් තිස්ස දිනයි – දියණියට ගෝඨාභයගෙන් තානාපති සේවයේ දේශපාලන පත්වීමක්

සමගි ජන බලවේගයේ වත්මන් ජාතික සංවිධායක හා මහින්ද රාජපක්ෂ රජයේ (2014/15) දෙසතියක සෞඛ්‍ය අමාත්‍යනරවා වූ තිස්ස අත්තනායකගේ දියණිය, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලේකම්වරිය ලෙස පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිර්දේශය අනුව විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන විසින් මෙම පත් කිරීම සිදු තර ඇත.

විදෙස් සේවයේ හෝ රාජ්‍ය සේවයේ පත්වීමක් නොවන එම තනතුර, සම්පූර්ණයෙන්ම දේශපාලනික පත් කිරීමකි. මෙම පත් කිරීම් සදහා උගත්කම, සුදුසුකම් හෝ පළපුරුද්ද කිසි ලෙසකින්වත් සැලකිල්ලට නොගැනේ. 

අනුව තිස්ස අත්තනායකගේ දියණිය වන දුලිමිණි අත්තනායකට අමතරව මෙලෙසම ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායකගේ සහෝදරයකු, බන්දුල ගුණවර්ධනගේ දියණිය, ප්‍රසන්න රණතුංගගේ දියණිය මෙන්ම හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහගේ බෑණා විවිධ රටවල තුන්වන ලේකම්වරු ලෙස පත් කර තිබේ.

තිස්ස අත්තනායක ප්‍රසිද්ධිය උසුලන්නේ ඉතිහාසයේ දරුණුතම දේශපාලන පාවාදීම සිදු කරනු ලැබූ දේශපාලනඥයා ලෙසයි. 2015 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ව්‍යාජව සකස් කරන ලද ගිවිසුමත ප්‍රසිද්ධ කරමින් එජාපයේ සිට රාජපක්ෂ ආණ්ඩුවට එක්වූ අත්තනායක, එම රජයේ සති දෙකක කාලයක් සෞඛ්‍ය අමාත්‍යධුරය දැරීය. අදාල ව්‍යාජ ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන නඩු විභාගයක් පැවති අතර පසුව පාර්ශව සමතයට පත් විය.

දීර්ඝ කාලයක් එජාපයේ මහලේකම් ලෙස කටයුතු කළ තිස්ස අත්තනායක සැලකෙන්නේ කිසිදු මැතිවරණයක් ජයග්‍රහණය නොකළ මහලේකම්වරයා ලෙසයි. එසේම ඔහු ඡන්ද පදනමක් නොමැති හුදු මාධ්‍ය චරිතයක් පමණක් බව මැතිවරණ මගින් ඔහු විසින්ම ඔප්පු කර ඇත.

මෙවර සජිත් පාර්ශවයෙන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අත්තනායක, මේ වන තෙක් පාර්ලිමෙන්තුව තුළ දැනෙනආණ්ඩු විරෝධී කතාවක් හෝ නොපැවැත්වූ විපක්ෂලමන්ත්‍රීවරුන් අතර ප්‍රමුඛයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button