ඉතියෝපියාවේ අගමැති පැළ මිළියන 350ක් සිටුවයි

දිනෙන් දිනම දියුණු වන ඉතියෝපියානු රාජ්‍යය පසුගිය ජූලි 29වනදා ලොවටම දැනෙන තවත් අපූරු වැඩක් සිදු කළා. ඒ පැය 12ක් තුළදී මහා දැවැන්ත ගස් ලෙස වැවෙන පැළ මිලියන 350ක් සිටුවීමෙන්. ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබි අහමඩ් අලිගේ සංකල්පයකට අනුව සිදුකෙරුනු මෙම වැඩසටහන #greenlegacy ග්‍රීන් ලෙගසි (හරිත උරුමය) ලෙස නම් කොට තිබුනා. 2016 වසරේදී ඉන්දියානුවන් විසින් පැළ මිලියන 66ක් එක වරකින් සිටුවීමෙන් තබා තිබු ගිනස් ලෝක වාර්ථාව පවා මේ නිසා බිඳ වැටී තිබෙනවා.
ලෝක වාර්ථාවක් පිහිටුවීමටත් වඩා ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වී තිබෙන්නේ ඔක්තෝබර් ආරම්භයත් සමගම ඉතියෝපියාවට ඇද හැලෙන මෝසම් වර්ශාවට පෙර මෙම පැළ සිටුවීම අවසන් කිරීමටයි. ඔවුන්ගේ ඉලක්කය ඔක්තෝබරයට පෙර පැළ බිලියන 4ක් සිටුවීමයි.
නාගරීකරණය හා නව තාක්ෂණයෙහි ආමනය මෙන්ම වත්මන් රාජ්‍ය පරිපාලනයේ ඇති මනා බව නිසා ඉතියෝපියාව ඉතා සීග්‍රයෙන් දියුණුව කරා පියනගන අතර ලොව දුප්පත්ම රාජ්‍යයක් ලෙස හංවඩු ගැසූ ඉතියෝපියාව නුදුරේදීම අප රටද පරදා ලොව දියුණුම රාජ්‍යයක් බවට පත්වේවි.
හසිත හේරත්.