දේශීය

විවේචන කරන්න එපා, අධිකරණයට යන්න – අශේන්ට කොමිසමෙන් උත්තර

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ ඕනෑම අයෙක්ට අධිකරණයට යාමේ හැකියාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ අද(11) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මාධ්‍යවේදියෙක් මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් අශේන් සේනාරත්නගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ එක් එක් පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ නොහැකි බැවින්, නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති නිසා ඉන් ඕනෑම අයෙක්ට අධිකරණයට යාමේ හැකියාව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button