දේශීය

“මරණ දණ්ඩනය කාලෝචිතයි…. 18 කියන්නේ බල තන්හාවට හදපු ව්‍යවස්ථාවක්….” මෛත්‍රී කියයි

මරණීය දන්ඩණය ක්‍රියාත්මක කිරීම කාලෝචිත ක්‍රියාවක් බවත් මත් ද්‍රව්‍ය චෝදනා වලදී මරණීය දන්ඩණය ක්‍රියාත්මක නොකළහොත් ඒවා අලෙවිය හා බෙදා හැරීම පාලනය කිරීමට නොහැකිවන බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසා තිබෙනවා.

පූඬළුඔය, කොත්මලේ ප්‍රාදේශිය සභා ශාලාවේදී ඊයේ (27) පැවති ජංගම සේවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න එසේ කීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රී ගුණරත්න,

“මරණ දන්ඩණය ක්‍රියාත්මක කිරීමේදී එක් ප්‍රශ්නයක් තියෙනවා. එය තමයි මත් ද්‍රව්‍ය අලෙවි කරන අය. ඒ අය අසුවුණාම පොඩි කෙනෙක් ඉදිරිපත් කරලා මුදලාලියි බෙදා හරින්නයි අයින් වෙනවා. කිසිම සම්බන්ධයක් නැති මුදලාලිගේ ගෝලයා තමයි එතකොට හිරේ යන්නේ. ඒ වගේ පොඩි ප්‍රශ්න එන්න පුලුවන්. සමස්තයක් වශයෙන් මේ වගේ ජාවාරම් කරන අය විශේෂයෙන්ම ගුවන් තොටුපළේදී අසුවන අයට මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු ඔප්පු වුණාට පසුව ඒ අයට වාර තුනක් තියෙනවා ඇපිල් කරන්න. මහාධිකරණයේ නඩු අහන්නේ. ඊට පසුව ඇපිල් උසාවියට ඉදිරිපත් කරන්න පුලුවන්. ඊට පසුව සුප්‍රිම් උසාවියට එන්න පුලුවන්. ඒ තුනටම පසුව වැරදි කාරයා බවට තීරණයක් ගත්තොත් ඒක ක්‍රියාත්මක කරන එක උචිතයි. මම දන්නවා පකිස්ථානයේ, ඉන්දියාවේ හා වෙනත් රටවල ඉඳල කිලෝ 04,05 ගේන අය ඉන්නවා මේ අය අසුවුණාට පසුව මේ අයට සමාව දෙන එකේ කිසිදු තේරුමක් නැහැ. ඇත්තටම මරණීය දන්ඩණය ක්‍රියාත්මක කරන එක තමයි සුදුසු. නමත් අර පොඩි මිනිස්සු බිල්ලට දෙන එක ගැන අවධානමෙන් ඉන්න ඕන. මේක ක්‍රිත්මක කරන එක බොහොම හොඳ වැඩක්.”

“ජනාධිපති මැත්වරණයේදී මේ වන විට කවුද තරඟ කරන්නේ කියල කාටවත් කියන්න බෑ. 2014 මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයක් කැඳවන විට එතුමා හිතුවේ නෑ ජනාධිපති අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වෙයි කියා. මේ සැරේත් අන්තිම මොහොත වෙනකල් කවුද ඉදිරිපත් වෙන්නේ, කවුද වැඩසටහනක් ගේන්න යන්නේ කියන එක කාටවත් කියන්න බෑ. ඒ නිසා එයට දැන්ම පිළිතුරක් දෙන්න බෑ. ඡන්දය ප්‍රකාශ කළාට පසුව එයට පැහැදිළි පිළිතුරක් දිය හැකියි. 18 වන ව්‍යවස්ථාව බල තන්හාවට හදපු ව්‍යවස්ථාවක් බවයි මම කියන්නේ. 19 වන ව්‍යවස්ථාව හදන්න ගිහින් රට පාලනය කරන්න බැරි අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. මම කියන්නේ මේ දෙකම අයින් කර අර තිබුණ ක්‍රමයටම ගියානම් හොඳයි කියල. ඒකේදී ජනාධිපතිතුමාට බලය පාවිච්චි කරන්න පුලුවන්. දැන් බලන්න පාස්කු ඉරිදා වුණ සිද්ධිය සම්බන්ධයෙන් බලගතු ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්න ඕන. මේ රටේ දැන් වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා වැඩ කරගෙන යනකොට වෙන කට්ටිය කකුලෙන් අදිනවා. එතකොට රටේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිවෙනවා.”


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button