දේශීය

කොළඹ නගර සභාවට කෝටි තුනහමාරක ස්කෑනරයක්

චම්පික රණවක විසින් කිසිඳු පරිසර වාර්තාවක් නොමැතිව චීන සමාගමකට විකිණීම සඳහා මුතුරාජවෙල තෙත් භුමියේ අක්කර සිය ගණනක් ගොඩකිරීම අරඹයි
කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි 3 ½ ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

මේ පිළිබඳ යෝජනාවක් නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය මුදල් කාරක සභාවට යොමුකර ඇතැයි පැවසේ.

දිනපතා නගර සභාවට පැමිණෙන 2000 කට අධික සේවා ලාභීන්ගේ හා නගර සභාවට පැමිණෙන 2000 ක් පමණ වන සේවකයින්ගෙන් ආරක්ෂාව සඳහා මෙම ආරක්ෂක උපකරණය යන්ත්‍රය මිලදී ගැනීමට හේතු වී ඇතැයි ද එම යෝජනාවේ සඳහන් වේ.

ආරක්ෂක බලධාරීන් විසින් මෙම උපකර‍ෙවල අවශ්‍යතාවය පෙන්වාදී ඇතැයි ද කියති.

මේ පිළිබඳව නගරාධිපතිනියගෙන් විමසිමට උත්සහ දැරීමේ දී ඇය විදේශ ගතවී ඇති බව දැනගැනීමට හැකිවිය.


ජයන්ත සමරකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button