දේශපාලන

“අපි ලංකාවේ සුළු ජාතිය වුනාට ලෝකේ මහ ජාතියක් – මුස්ලිම් අය බය කරන්න බෑ”

- හිස්බුල්ලා කියයි

මුස්ලිම් ජනතාව ලංකාවේ සුළු ජාතියක් වුනත් ලෝකයේ මහ ජාතියක් බවත් මුස්ලිම් ජනතාව බිය කළ නොහැකි බවත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා පැවසුවේය.

කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක දැඩි ජාතිවාදී ප්‍රකාශයක් ඔහු කර තිබෙන අතර ඒම ප්‍රකාශය මෙසේය.

අපිට තනතුරු දරාගෙන කටයුතු කිරීමේදී කතා කිරිමේදී අපහසුයි. ආණ්ඩුකාරවරයා ලෙස කතා කරන්න බෑ. සීමාවක් තිබෙනවා. අපි ඔබලාගේ ආරක්ෂාව උපරිමයෙන් ලබාදුන්නා. මුස්ලිම් ජනතාවට පීඩාවකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව තිබිය යුතුයි. දුක් විදින්නේ නැතිව කටයුතු කිරීමට අවස්ථාව ලබාදුන්නා. අපේ තවත් අය තවම බියට පත්වෙලා ගෙවල් ඇතුළට වෙලා ඉන්නවා. ඒ් අය ගෙවල්වලින් එළියට ඒන්න අවශ්‍යයි. රස්සාවලට යන්න අවශ්‍යයි. මේ අයගේ බිය නැති කරන්න ඔ්න. මුස්ලිම් ජාතිකයින් ඔලුව උස්සලා ඉන්න ඔ්න.

අපි සුළු ජාතිකයෝ වෙන්නේ මේ රටේ විතරයි. ලෝකයේ අපි මහ ජාතියක්. අපි ලේසියෙන් බය කරලා තල්ලු කරන්න පුලුවන් කියලා කවුරුවත් හිතන්න හොද නෑ. අපේ එකමුතුවේ තමයි ශක්තිය තියෙන්නේ. යළිත් මේ රටේ මුස්ලිම් ජනතාව ඔලුව උස්සලා කටයුතු කිරීම රදා පවතින්නේ ඒකමුතුව සිටීම උඩයි.

යළිත් ඡන්දයක් එන විට අපේ ආරක්ෂාව ලබාදෙන අය ගැන හිතලා තීරණයක් ගනිමු.

අපි ධූරයෙන් ඉවත්වීම පිළිබද ප්‍රශ්ණයක් නැහැ. මුස්ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් තමයි අපි ආවේ.

රව්‍රෆ් හකීම්, අබ්දුල් හලීකම්, කබීර් හෂීම් වගේ අය ආවේ මුස්ලිම් ඡන්දවලින් විතරක් නෙමෙයි. මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මේ අය තමන්ගේ ඇමැතිධූරය රිත්‍යාග කළා. ඒ් වෙනුවෙන් අල්ලා දෙවියන් ස්තුතිවන්ත වේවි.

මම මගේ ඉල්ලා අස්වී ජනාධිතිවරයාට දුන්නා. අස්වීම දීලා මට තියෙන හැම චෝදනාවකටම විරුද්ධව සති දෙකක් ඇතුළත පරීක්ෂණ කරලා අවසන් කරන්න කියලා කිව්වා. දළදා මාළිගාව ඉදිරියේ ස්වාමීන්වහන්සේලා කිසිම සත්‍යයක් නැති බොරු කියලා, බොරු චෝදනා කරලා ජනතාව රැවැට්ටුවා. ඒ් ගැන අපි කතා කිරීමට සූදානම්. ඒ්ත් පරීක්ෂණ වාර්තා ඒන තුරු තමයි අපි බලා සිටින්නේ.

ඉකුත් ආණ්ඩුවලට රටේ මුස්ලිම් ජනතාවට නායකත්වය දුන්නේ කාත්තන්කුඩිවල මුස්ලිම් ජනතාවයි. ඒ් නායකත්වය ඉදිරියටත් ලබාදිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button