දේශපාලන

“කවදාවත් නොතිබුණු විදියට මම රටේ නිදහස ශක්තිමත් කළා”- ජනාධිපති

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාවේ විනාශ කර තිඛෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක් ගොඩනැගී තිඛෙන අතර ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ (05) පස්වරුවේ එක්වෙමිනි.

උත්සව සභාව ඇමතූ ජනාධිපවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර හතර හමාර තුළ කිසිදු යුගයක නොවු අයුරින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, නිදහසත් ශක්තිමත් කිරීමට තමා කටයුතු කළ බවයි.

රජය ගෙන ගිය වැඩසටහන් සමඟ සියලු ජනතාව අවබෝධයෙන් ජීවත්වන සාමකාමී තත්ත්වයක් රට තුළ ගොඩනැගී තිබූ අතර, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් රටේ නිර්මාණය වුව ද මේ වන විට නැවත රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟී තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම තත්ත්වය තුළ අද සියලු දෙනාට පැවරී ඇති වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button