පෑඩ් බද්දට ජනතා අප්‍රසාදය
ආණ්ඩුව විසින් සනීපාරක්ෂක තුවා ඇතුළු භාණ්ඩ ගණනාවක බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වන විට විශාල විරෝධයක් ගොඩනැගෙමින් තිබේ. මේ රවිදු ප්‍රනාන්දු විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක්…
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේම සංජීවනී වීරසිංහ, බන්දු සමරසිංහලාගේ පෑඩ් කතන්දර මතිනි…. කෙටියෙන්ම කිව්වොත් ඒ කතන්දර හිරිකිත කතාන්දරය….
දැන් දැන් කාන්තාවක් වීම හේතුවෙන් ආණ්ඩුවට මුදල් අයකර ගැනීමට බද්දක් ද ගසා ඇත…. ඒ සනීපාරක්ෂක තුවා බද්දය….
පසුගිය ආණ්ඩුවෙනුත් මේ බද්දම ගැසූ නිසා ආණ්ඩුව එක්ක ගේමක් ඉල්ලලා අපි ඒ බද්දෙන් සියයට 40ක් අඩු කර ගත්තෙමු.
නමුත් මේ කියන්නට හදන්නේ එදා අප කළ කී දෑ ගැන නොවන අතර, වෙන කතාන්දරයකි. මේ කතන්දරයෙන් කියවෙන්නේ ඉහත කී සංජීවනීලා, බන්දුලා මෙන්ම බොහෝමයක් “බයි ජනතාවගේ” ආකල්ප ගැන තවත් එක් උදාහරණයකි.
මා කාලයක් පුවත්පතක රැකියාව කෙළෙමි (දෙවනවර උසස්පෙලින් පසු). එවකට මා සහ මගේ මිතුරන් කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන ගිය ලිංගික අධ්‍යාපනය සම්බන්ධ වෙබ් අඩවියක් තිබුණි (පවත්වාගෙන යාමට ඇති මූල්‍යමය ගැටළු නිසා එය නවත්වන්නට සිදුවුනි). බෞද්ධ භික්ෂුනී ආරාමයක භික්ෂුනීන්ට සනීපාරක්ෂක තුවා පාවිච්චියට ඉඩ නොදෙන සහ ඒ වෙනුවට රෙදි කෑලි පාවිච්චි කිරීම මෙන්ම එම රෙදි කැබලි පාවිච්චියේදී ආරාමයක පරිසරයකදී ඇතිවන අපහසුතා ගැන මෙන්ම එම ආරාමයේ ප්‍රධාන භික්ෂුණිය විසින් පනවන ලද නීති නිසා අනෙක් භික්ෂුණියන් හෙවත් ‘කාන්තාවන්’ පත්වන අපහසුතාව ගැන මාගේ facebook එකෙහි සිටින මිතුරියක් විසින්, තම අත්දැකීමෙන් ලියු ලිපියක් එම වෙබ් අඩවියේ මා විසින් උපුටා පළ කරන ලදී. එම සටහනට යොදා ගත් ඡායාරූපය වන්නේ භික්ෂුණියන් තිදෙනෙකුගේ මුහුණු සනීපාරක්ෂක තුවා මගින් වසා සංස්කරණය කරන ලද ඡායා රූපයකි. (ඒ විරෝධය දැක්වීම සඳහාය)
එම වෙබ් අඩවියට සමගාමීව මා සේවය කළ පුවත්පතේ ලිංගික අධ්‍යාපන පිටුවක් පළවුණු නිසා එහි ප්‍රධාන කතෘවරයා එම පුවත්පතේ වැඩ කළ සේවක මණ්ඩලය ඉදිරියේ මා අපහසුතාවට පත්වන පරිදි, අපගේ වෙබ් අඩවියේ පලකළ එම ලිපිය ගැන පදනමක් නැති විවේචන කළේය. මට අපහාස කළේය….
විවේචන අපහාසයන්ට අමතරව,
“පෑඩ් පාවිච්චි කරන්න ඕන නම් මහණ නොවී ඉන්න ඕන…. මහණ වෙලා ඕවා හොයන්න ඕන යෑ”
“කාන්තාවන් පැවිද්ද ඉල්ලද්දී මුලින්ම බුදුන්වහන්සේ කාන්තා පැවිද්දට අකමැති වුණා…. ඒ ඔය ඔසප් ප්රශ්නය නිසා…. පස්සේ කාන්තාවන් පැවිදි වුනාම, භික්ෂුනියෝ ඇවිත් බුදුන්වහන්සේට කිව්වා සිවුරුවල ලේ ගෑවෙන ප්රශ්නය…. එතකොට බුදු හාමුදුරුවෝ කිව්වා අන්න ඒ නිසා තමයි මම මුලින්ම කාන්තා පැවිද්දට අකමැති වුනේ කියලා….”
“බුදු හාමුදුරුවෝ තමා ලෝකේ හිටපු හොඳම ෆැෂන් ඩිසයිනර්…. භික්ෂුනී සිවුරත් හදලා තියෙන්නේ ඔසප්වෙන එකට ගැලපෙන විදියට….”
ඔහු පැවසු කාරණා අතරින් කරුණු තුනක් ඉහත සඳහන් අයුරින් ය…. (වචන කිහිපයක් වෙනස් විය හැකිය. නමුත් මුඛ්‍ය අදහස මෙයම ය.)
ඊට දිය හැකි හොඳ පිළිතුරක් වූ නමුත්, මා සියල්ලන් ඉදිරියේ අපහසුතාවට පත්වූ ආකාරයෙන් ඔහු අපහසුතාවට පත්විය යුතු නැතැයි සිතා මා ඔහුට පිළිතුරු නොදී නිහඬව සිටි නමුත්, පසුව වට්සැප් මෙසේජ් එකක් මගින් ඔහුට පිළිතුරු දුනි.
මට කීමට ඇති කතාව මේකය…. මෙයින් මට ඔබට කීමට ඇත්තේ බයියන්ගේ ආකල්පය. නූගත්කම, මරි මෝඩ කම, අපහාස කිරීම කරපින්නාගෙන විද්‍යාත්මක දැනුමක් සාධාරණ තර්කයක් නැතිව ඔහේ තමන්ගේ මතය කියවන, මානව අයිතිවාසිකම් පවා තමන්ගේ වාසියට වුවමනා නැතැයි කියන “බයියන්” නමැති ජීවීන් කොට්ඨාසය මේ රටට පිළිලයක් වී හමාර බවය….
ඉහත කතාවේ පරිදි, මෙවැනි ගැටලුවකදී, බුදුන් ගැන කියා හෝ කාන්තාවන් කාන්තාවක් වීම හේතුවෙන් කුරුසයේ ඇණ ගැසීමට ඔවුන් දෙවරක් සිතන්නේ නැත…. සංජීවනීලා බන්දුලා එදා කලේ මේකමය. අද අයවැය සම්පාදනය කරන්නන් විසින් සිදුකර ඇත්තේද මේකමය….
මෙහි කිසිඳු නමක් ගමක් සඳහන් කර නැත…. කැමති කෙනෙකුට කැමති නමක් දා ගැනීමට හැකියාවක් ඇත. එය මට අදාළ නැත. මම ඒවාට වග කියන්නේද නැත….
නමුත් මා එක දෙයක් පැහැදිලිව කියමි…. ඒ, බයියන් යනු සමාජ පිළිලයකි….
Digital Painting by Ravindu Fernando
#digitalpainting #digital #painting #watercolor #watercolour #oilpaint #colors #colours #portrait #ravindu #fernando #ravindufernando #color_with_love