සමාජ

“මීගමුවට බෝම්බ ගහලා මදි” – ඒ ගැන පියතුමෙක් කියපු කතාව

2019 ජනාධිපතිවරණයේ, මීගමුව ඡන්ද කොට්ඨාශයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු, එම ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය නොකළ නිසා එම පාක්ෂිකයින් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍යවල පවසා තිබුනේ මීගමුවට බෝම්බ ගහලා මදි යන්නයි. ඒ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වුනු බෝම්බ ප්‍රහාරයෙන් මීගමුව ප්‍රදේශවාසීන් පාඩමක් ඉගෙන ගෙන නැතැයි යන මතයේ සිටිමින් ය.

මන්ද වර්තමාන ආණ්ඩු පාර්ශවයේ ප්‍රධානීන් එම ප්‍රහාරය ගැන දැනගෙන සිටීමත්, එය වලක්වාගන්නට කටයුතු නොකිරීමත් නිසා, ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව ගැනම ප්‍රකාශ කිරීම හේතුවෙන් එම පුද්ගලයන් එසේ ම්ලේච්ච ප්‍රකාශයක් සිදු කල බවට සිතිය හැකිය. නමුත් ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 21 වෙනිදා සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වුනු බුද්ධි අංශ ලිපියේ ඒ බව කලින් දැනුම් දුන් පුද්ගලයන් අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නමද තිබුනා. පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට එය නොපෙනී හෝ අමතක වී තිබුණු බව ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් ලෙස අප මුල සිටම නිරීක්ෂණය කළා.

කෙසේවෙතත්, කුමන හේතුවක් නිසාවත් එවැනි ම්ලේඡ්ච ප්‍රකාශයක් සිදුකිරීම අප පිළිකුලෙන් හෙලා දකින අතර, පක්ෂපාතීත්වය නිසා ඔවුන්ගේ වරද වසාගෙන මනුෂ්‍යත්වයට නිගා කිරීම අප කොහෙත්ම අනුමත කරන්නේ නැහැ.

ඉහත වීඩියෝව මේ පිළිබඳව කතෝලික පියතුමෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහල ප්‍රකාශයක්. අප එතුමාගේ ප්‍රකාශයට ඉතාමත් ගරු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button