සමාජ

සෝල් මේට් කණ්ඩායමට අපගේ පුවත හරහා සිදුවුණු අපහසුතාවට සමාව ඉල්ලීමයි.

අප විසින් පළ කල සෝල් මේට් කණ්ඩායම සම්බන්ධ පුවත පළ කලේ මුදල් වංචාවක් නිසා නොවන බව මුලින්ම සඳහන් කල යුතුය. එම කණ්ඩායමේ නායකත්වය විසින් සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රධානව එක් පුද්ගලයෙකුට එල්ල කල චෝදනාවක් සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට සිදුවුණු අගතීන් නිසා පළ කල සටහනකි.

එය සිදු වී වසරකටත් වැඩි වුවත්, ඔවුන් ජීවිතය වෙනුවෙන්, ප්‍රේමය වෙනුවෙන්, වැනි, යොදා ගනු ලබන ප්‍රචාරණ වැකි නිසා ඇත්තෙන්ම තමන් සමඟ සිටි සාමාජිකයන්ට සිදු කල අපහාස මත එවැනි ප්‍රචාරණ වැකි යොදා ගැනීම ඔවුන්ගේ හෘද සාක්ෂියට එකඟද යන පදනම මත සිට පළ කල ලියවිල්ලකි.

සෝල් මේට් කණ්ඩායමේ සමාජ සේවය ඉතාමත් පැසසුමට ලක් විය යුතු බවත්, අප එය අගයන බවත් එහි සඳහන් කර තිබුණු අතර, අප නැවතත් කියන්නේ ඔවුන්ගේ සමාජ සේවය සම්බන්ධයෙන් අපට කිසි ගැටළුවක් නැති බවයි. අප එය ඉතාමත් ඉහල ලෙස අගයන බවයි.

එම ලියවිල්ලෙන් ඔවුන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව, කිසිවෙකු හෝ ඔවුන් සම්බන්ධව මුදල් සහ ද්‍රව්‍යමය වංචා කරුවන් යයි සිතා සිටිනවා නම්, අපගේ සටහන එවැන්නක් නොවන බවත් සඳහන් කල යුතුමය.

අභූත ලෙස චෝදනා කිරීමට සමහර මිනිසුන්ට ශුද්ධවූ අයිතියක් ඇතැයි සිතා සිටියත්, අපගේ චෝදනාව වූයේ හෘද සාක්ෂිය සම්බන්දයෙන් ය. එවැනි චෝදනා වලට මාධ්‍යයේ හෝ නීතියේ ඉඩක් නැති බව අපද තේරුම් ගත්තේ පසුව ය. නැවතත් අප පවසන්නේ වංචාව යයි සඳහන් කලේ අගතියට පත් සාමාජිකයන්ට සිදුවුණු මනුෂ්‍යත්වය සම්බන්ධ ආත්මීය වංචාව ගැන පමණි.

වරදක් වී ඇත්නම් අප සමාව ඉල්ලීමට දෙවරක් සිතන්නේ නැත. එම නිසා මේ ඒ පිළිබඳව සමාව ඉල්ලීමයි. එමෙන්ම යලිත් එවැනි වැරදීම් අප අතින් නොවන බව සහතිකයි.

මෙම සටහන ප්‍රමාද වීම සඳහා තාක්ෂණික ගැටළුවක් බලපෑ බවත් ඒ වෙනුවෙන්ද අප සමාව ඉල්ලා සිටිමු.

ස්තුතියි.


රවිඳු ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button