දේශීය

පාසල් තවදුරටත් වැසේ….

රට පුරා සියලු පාසල් වල දෙවැනි වාරය එළඹෙන 11 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද රට තුළ පවතින තත්වය මත එදිනට පාසල් විවෘත කරන්නට නොහැකි බව බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පාසල් දරුවන් විසින් විමසන ලෙද ප‍්‍රශ්න වෙත පිළිතුරු දෙමිනි.

ඇඳිරිනීතිය දිගින් දිගටම පැවතීම හේතුවෙන් නිවාස වලට වී සිටින දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වාගෙන යන වැඩසටහනකදී පාසැල් දරුවන්ට ප‍්‍රශ්ණ යොමු කිරීමට තෝරාගෙන ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

එම වැඩසටහන අනුව යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close