දේශීය

හෙද සේවාව සඳුදා සිට වර්ජනයක යෙදීමේ අවදානමක්

ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන්ට සත්කාර කරන හෙද නිලධාරින්ට අවම පහසුකම්වත් නොලැබුනහොත් වැඩ වර්ජනය කරන බවට හෙද නිලධාරින්ගේ සංගමයක් රජයට අනතුරු අඟවා තිබේ.

“කැපවිමෙන් සේවය කළද ඔවුන්ට ලැබිය යුතු අවම පහසුකම්වත් ලබා නොදීම, සේවය අවතක්සේරුවට ලක් කිරීම, හා දීමනා කප්පාදුව තුල හෙද සේවාව නොසලකා හැර ඔවුන්ගේ ජිවිත අනතුරට පත් කර ඇති බව මනාව පැහැදිලියි” යනුවෙන් සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

මාර්තු 29 දින සෞඛ්‍ය ඇමැතිතුමිය සමග සාකච්ඡාවේදී ගත් තීරණය ක්‍රියාත්මක කිරීම, හෙද නිලධාරින්ට අවම ජිවිතාරක්ෂාව හා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා දීම, ආයතන මගින් ලබා දෙන විශේෂ නිවාඩු රාජකාරි කළා සේ සලකා නිවාඩු අනුමත කිරීම, නවැතැන් හා ආහාරපාන සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම, අඛණ්ඩව මාසිකව ගෙවු කප්පාදු කළ දීමනා ලබා දීම, සති විවේක දින, රාජකාරි නිවාඩු දින සේවාවන් කප්පාදු නොකොට රාජකාරි සැකසීම සහ ක්ෂේත්‍ර රාජකාරී කරන සේවකයින් සඳහා ලබා දුන් පහසුකම් හෙද නිලධාරින් හට ලබා දීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් අප්‍රියෙල් 06 සඳුදා සිට සියලු රෝහල් වලින් හා සෞඛ්‍ය ආයතන තුල හෙද නිලධාරින් සේවා වලින් ඉවත් වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය වැඩි දුරටත් නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button