අනාවැකි පළ කළ පරිදි ලෝක ජනගහනයෙන් සියයට හැත්තෑවක් corona අනතුර අබියස
වෛද්‍ය විද්‍යාව දියුණු වූ මොහොතකත් අලුත් රෝගී තත්ත්ව නිර්මාණය
21 වන සියවසේ ජීවත් වෙද්දිත්, වෛද්‍ය විද්‍යාව ස්වකීය තාක්ෂණික කරුණු වලින් ඉතාමත් ඉහල තලයක පවතිද්දිත් විශේශයෙන් අවසාන දශක හතරක විවිධාකාර වූ රෝගආසාදනයන්ට, රෝගප්‍රහාරකයන්ට මිනින් සංහතිය මුහුණ දුන්නා මෙයට බලපාන හේතු ගණනාවක් තියනවා. අපි වෛද්‍ය විද්‍යාව තුලදි ප්‍රධාන ආකාර දෙකක් ගැන කතාබහ වෙනවා. එයින් පලමු වැන්න අලුතින් රෝගි තත්ත්වන් ඇතිවීම කියන එක දැන් මේ දිනවල අපි කතා බහ කරන කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරස් රෝගි තත්ත්වය කියන්නේ මීට පෙර මිනිස් සමාජය තුල නොතිබුනු රෝගි තත්ත්වයක් එවැනි අලුතින් රෝගි තත්ත්වන් ඇතිවෙනවා එය අපි හඳුන්වනවා අලුතින්ම ඇතිවන රෝගි ත්ත්වයන් (Emergence Diseases) විදිහට දෙවැන්න මීට කලින් යටපත්ව තිබිලා මතුවෙන්න පුලුවන් රෝගි තත්ත්ව අපි මෙය හඳුන්වනවානැවත ඉස්මතු වන රෝග(Re-emergence diseases)කියලා. මේ ආකාර දෙකටම වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තිබුනත් මුහුණ දෙන්න සිදුවෙනවා. මේකට හේතු විදිහට විද්‍යාඥයන් පවසන්නේ වර්ථමානයේ අපි ජීවත් වෙන සමාජයේ මිනිසා සහ ස්භාවධර්මයේ පවතින සම්බන්ධතාවයන් බිඳ වැටීම නිසා විවිධාකාර වෛරස් කාණ්ඩයේ පවතින වෙනස්කම් සහ බිඳවැටීම් නිසා සිදුවන ක්ෂූද්‍ර ජීවි කාණ්ඩයන් වල සිදුවන වෙනස්කම්, විකෘතිතාවයන් මිනිසාට අහිතකර ලෙස බලපාන්න පුලුවන් ඒ වගේම ගෝලිය උශ්ණත්වය ඉහල යෑම, කාර්මිකරණය, විද්‍යාත්මක සහ කාර්මිකරණයත් එක්ක සිදුවන පරිසර දූශණය වැනි හේතුන් ගණනාවක්ම මෙනැනි රෝගි තත්ත්වයන් ඇතිවීමට බලපාන බව සඳහන් කර තිබෙනවා. ඒ වගේම තවත් කරුණක් තමයි සමාජ මතයක් තමයි සමහර අවස්ථා වලදි විදයාඥයන් සිදුකරන සමහර පර්යේෂන සහ සමහර සොයා ගැනීම් නිසාත් මෙවැනි වෛරසක් නිර්මාණය වන බව නමුත් මෙය විද්‍යාත්මකව සහතික කර නෑ. පසුගිය කාල වලදී සාස්, , ඉබෝලා, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ගණනාවකටම මුහුණ දුන්න අපි දැන් මේ වන විට කොරෝනා වෛරස් රෝගි තත්ත්වයට
මොකක්ද මේ කොරෝනා වෛරසය
කොරෝනා කියන්නෙත් එක්තරා වෛරස කාණඩයක් කලින් ඇතිවුන සාස්, මර්ස්, ඉබෝලා, ඉන්ෆ්ගුවෙන්සා අයිතිවෙන්නෙත් වෛරස කාණ්ඩයට. කොරෝනා වෛරසයේ එක් ප්‍රභේදයක් තමයි කොවිඩ්-19 විදියට හඳුන්වන්නේ මෙහි කොවිඩ්-19 කියන වෛරස ප්‍රභේදය මීට කලින් ඇතිවුන සාස් මස් වැනි වෛරස වලට වඩා ප්‍රභල විදිහට මිනිසාට මෙය බලපාන බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා. මෙය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වෙලා දැන් වෙනකොට ජාත්‍යන්තර වසංගත රෝග තත්ත්වක් බවට මෙය පත්වෙලා තිබෙනවා.
කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ
මෙම රෝගි තත්ත්වය ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපි දකින උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දකින්නට පුලුවන්. ඒවගේම වියලි කැස්ස සමහර විට වියලි කැස්ස වර්ධනය වෙලා තද කැස්සක් ඇතිවෙන්න පුලුවන් තවත් මෙය වර්ධනය වන විට අතපය වේදනාව, කෑම අරුචිය, හිසරදය, වමනය, ඕක්කාරය ඇතිවෙන්න පුලුවන් ඒ වගේම තමයි මුල් අවධිය පසුකරගෙන ගියාට පස්සේ රෝගය අපගේ ස්වසන පද්ධතියට හානි කරන විට ස්වසන අපහසුතා, හුස්ම ගැනීම අපහසු වීම වගේම නියුමෝනියාව වැනි තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ තමයි මූලික රෝග ලක්ෂන විදියට දකින්න පුලුවන් වෙන්නේ. මෙහිදි මුල් රෝග ලක්ෂණ වලදි අපි දැනුවත් වීම වැදගත් වෙනවා මොකද පසුව නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය වුවහොත් රෝගියාට සිදුවෙන්න පුලුවන් හානි සංකූලතා වැඩිවෙන්න පුළුවන්.
වෛරසය පැතිරීම
කොරෝනා වෛරස් රෝගී ත්ත්වයක් වගේම කොවිඩ්-19 වෛරස තත්ත්වයත් ස්වසන මාර්ග පද්ධතිය හරහා ව්‍යාප්ත වන රෝගී ත්ත්වයක්. එය මිනිසාගෙන් මිනිසාට ස්වසන මාර්ග පද්ධතිය හරහා බෝවීමක් සිදුවෙනවා ඒ නිසා කොවිඩ්-19 ආසාදන වුන පුද්ගලයෙකුගේ ස්වසන මාර්ගයේ ශ්‍රාවයන් නැතිනම් අපි කියනවා නාසය හරහා සහ මුඛය හරහා යම් කෙනෙකුගේ ස්වසන මාර්ග පද්ධතියට ඇතුලත් වුනොත් මෙම රෝගය ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විද්‍යාඥයන් සඳහන් කරනවා වාතය හරහා සම්ප්‍රේශණය වෙන්න පුළුවන් වෛරසය අඩංගු පුද්ගලයෙකුගේ ස්ශේසමල ශ්‍රාවයන් වායුගෝලයට නිදහස් වුනාම ඒවාට නිරාවරණය වෙන අනිකුත් පුද්ගලයන්ගේ ශරීර තුලට ස්වසන මාර්ග පද්ධතිය හරහා නැතිනම් මුඛය හරහා ගමන් කිරීමක් කරන්න පුළුවන් ඒ වගේම විද්‍යාඥයන් මෑතකදි ප්‍රකාශ කලා මෙය බාහිර නිරාවරණය වන ඇස් හරහා රෝගය ඇතිවෙන්න පුළුවන් බව ඉතිං රෝගය ආසාධිත පුද්ගලයන්ගේ ශ්‍රාවයන් අපගේ අත්වල තැවරිලා නාසය, මුඛය හෝ ඇස් ස්පර්ශ වීමක් සිදුවුනොතින් රෝගය ඉතාමත්ම පහසුවෙන් අපගේ ශරීරයට ඇතුලත් වෙන්න පුළුවන්. මෙය ස්වසන මාර්ග පද්ධතිය හරහා සම්ප්‍රේශණය වන රෝගයක් නිසා අනිකුත් රෝග වලට වඩා ඉතාමත් පහසුවෙන් රෝගය ව්‍යාප්ත වීම සිදුවෙන්න පුලුවන්.
වෛරසය වැළඳෙන සියලුම පුද්ලයන්ට එකම ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ
විද්‍යාඥයන් පසුගිය මාස දෙකක කාල සීමාව තුල සිදුකරන ලද පර්යේෂණ අනුව පැහැදිලිව පෙනි ගොස් තිබෙනවා කොරෝනා රෝගය වැළඳුන පුද්ගලයන්ගෙන් සියයට 80කටම සාමාණ්‍ය රෝග ලක්ෂණ වැළඳිලා රෝගය සුවපත් වන බව. තවත් සියයට 15කට ආසන්න ප්‍රමාණයකට රෝග ලක්ෂණ ස්මතු වෙන්න පුලුවන් නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර සහිත රෝහලක අවශ්‍ය සහයක වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවානම් මෙම රෝගය ක්‍රමානූකූලව අඩුවෙලා යන්න පුලුවන් බව. ඒ වගේම තමයි රෝගයට ගොදුරුවන අයගෙන් සියයට 5ක් වගේ ප්‍රමාණයකට පමණයි මෙය මාරාන්තික මට්ටමක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියන්නේ. ඒවගේම පසුගිය කාල වකවානුව තුල රෝගයට ලොව පුරා ගොදුරුවුන ජනගහනය අනුව වසංගත රෝග අධ්‍යන අනුව සියයට 02කට අඩු ප්‍රමාණයක් තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා රෝගයට ගොදුරු වුන පමණින් මෙය දරුණු තත්තවක් දක්වා වර්ධනය නොවන බව අපි මතක තබා ගත යුතුයි.
වෛරසය පැතිරීම මෙන්ම වැළඳීම අවම කිරීමට නම්
රෝගය පැතිරෙන්නේ ස්වසන මාර්ග පද්ධතිය හරහා නිසාත්, රෝගය ආසාදනය වුන පුද්ගලයෙකුගෙන් රෝග තත්ත්වය ස්වසන මාර්ග පද්ධතියේ ශ්‍රාවයන් පිටතට නිකුත් වෙලා එම ශ්‍රාවයන් අපගේ මුඛය, නාසය, හරහා අපගේ ශරීරයට ඇතුලත් වෙන්න පුලුවන් නිසාත් රෝගය වලක්වා ගැනීමේදී මේ කාලසීමාවේදි වැදගත්ම දේ තමයි අපි කසින විට හෝ කිඹුහුම් යන විට අපගේ ස්වසන මාර්ග පද්ධතියේ තිබෙන සෙම ශ්‍රාවයන්, කෙල බිඳිති පිටතට නිරාවරණය නොවන විදිහට ලේන්සුවක් ආධාරයෙන් හෝ වැලමිටෙහි ඇතුල් ප්‍රෙද්ශය යොදා ගනිමින් මුඛය සහ නාසය ආවරණය වෙන විදිහට කටයුතු කරන්න. ඒවගේම තමයි ආසාදය වෙලා තිබෙනවානම් ඔහු සැමවිටම ප්‍රවේසම් විය යුතුයි. තමාගේ අත්වල සහ පිටතට නිරාවරණය වන කොටස් වල ස්ශේස්මල ශ්‍රාවයන් ස්පර්ශ කර නොගැනීමට මොකද ඒ හරහා තවත් පුද්ගලයෙකුට රෝගී තත්ත්වය ආසාධනය වෙන්න පුළුවන්. ඒ වගේම ජනතාව බහුල ලෙස ගැවසෙන ස්ථාන වලට අත්‍යවශ්‍ය කටයුත්තක් නොවේනම් ගමන් කිරීමෙන් වළකින්න ඕනේ. නමුත් අපි දැක්කා පසුගිය දිනවල ආහාර රැස් කිරීම සඳහා විශාල වශයෙන් ආහාර අලෙවි සැල් තුලට ගමන් කරන ආකාරය එය ඉතාමත් අනුවන ක්‍රියාවක් මොකද කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙක් එම ස්ථාන තුල සිටීනම් ඔහු කසින විට, කිවිසුම් යන විය වගේම මේ ආහාර අලෙවි සැල් තුල තිබෙන ට්‍රොලි වල මෙම ශ්‍රාවයන් තැන්පත්ව තිබුනේ නම් ඉතාමත් පහසුවෙන් මෙය තව කෙනෙක්ට වැළඳීමට පුළුවන් ජනගහනය එක්රැස් වන විට වෛරසය වාතය හරහා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. එමෙන්ම කුඩා දරුවන්ට මෙම රෝගි තත්වය ඉතා ඉක්මනින් වැළඳීමේ හැකියාව නිසා ඒ ගැන වැඩි අවධානය යොමුකල යුතු වෙනවා. මේ වන විට රෝගීන් කිහිප දෙනෙක් වාර්ථා වී තිබෙන නිසා ප්‍රෙව්ශම ඉතාමත් වැදගත් වෙනවා රෝගය පාලනය කිරීම සඳහා
ඖෂධයක් නොව ප්‍රති වෛරසයක් නිර්මාණය කල යුතුයි
කෙරෝනා කියන්නේ වෛරසයක් නිසා ඒ වගේම අපි දන්නවා ඩීඑන් ඒ සහ ආර් එන් ඒ ලෙස මූලික වශයෙන් ක්‍රියාත්මක වන න්‍යෂ්ටික අම්ල පවතිනවා එතකොට වෛරසයක් ඇතුලේ එහි ව්‍යූහය සකස් වෙලා තියෙන්නේ ආර් එන් ඒ කාණ්ඩයන් තුලින් එහිදී ආර් එන් ඒ වෛරස කාණඩ ගත්තට පස්සේ විද්‍යාඥයන්ට පහසු වෙන්නේ නැහැ වෛරසය පාලනය කරන්න ඒ වගේම තමයි ප්‍රතිවෛරස අඩු කාලයක් තුලදි නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් දැනට යම් යම් අද්හදා බැලීම් සිදුවෙමින් පවතිනවා. එහිදී වැදගත්ම දේ තමයි මෙහිදි අපි ප්‍රතිජීවක ඖෂධයක් නෙමේ නිර්මාණය කල යුත්තේ ප්‍රතිවෛරසයක් මොකද ප්‍රති ජීවක ඖෂධ ලබා දෙන්නේ බැක්ටීරියා කාණ්ඩයේ රෝගි තත්ත්වක් සඳහා ඉතින් මේ සඳහා ප්‍රති වෛරසක් නිර්මාණය කිරීමට තව කලක් ගතවෙන්න පුලුවන්. එතෙක් කල යුත්තේ රෝග තත්ත්ව පාලනයට පියවර ගැනීමත් රෝග ලක්ෂණ තිබේ නම් මුල් කාලයේදීම රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් එම රෝගීන් තමන්ගේ කායික සහ මානසික නිරෝගීභාවය පවත්වාගෙන යමින් ප්‍රතිශක්තීකරණය වර්ධණය කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
සමාජ මාධ්‍යයේ රෝගයට පිළියම්
මෙවැනි රෝගී තත්ත්වන් ඇතිවන විට අපි දැක්කා මුල් අවස්තාවේදී ඇල්කොහොල් භාවිතය නිසා සහ ඇල් කොහොල් භාවිතයෙන් කොරෝනා වෛරසය පැතිරෙන්නේ නැහැ කියලා මතයක් ගියා. නමුත් එහිදි අදහස් කලේ අපගේ අත් සේදීම සඳහා සනීපාරක්ෂකව භාවිතා කරන නියමිත ප්‍රමිතියෙන් යුතු විශබීජ නාශක තුල ඇල්කොහොල් අඩංගු වෙනවා. අන්න ඒ ඇල්කොහොල් අපගේ අත්වල තවරගෙන නිසිපරිදී අත්වල සනීපාරක්ෂක කටයුුතු සිදුකරනවානම් විශබීජභාවිතය අඩුවෙනවා එහෙම නැතිව ඇල්කොහොල් පානය කරා කියලා රෝගයට ගොදුරු වීමේ අවධානම අඩුවෙන්නේ නෑ.
ඒ වගේම තමයි උණු වතුර භාවිතය ගැනත් මේ දිනවල කතා වෙනවා උණූ වතුර භාවිතට ගැනීම ශරීරයට ඉතාමත් වැදගත් මෙය වෛරස් රෝගී තත්ත්වක් උණ සෙම්ප්‍රතිශ්‍යාව පවතිනවා ඒ නිසා උතුරා නිවාගත් වතුර පානය කිරීම හරහා ඒ ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වන්වල යම් පාලනයක් ඇති කරගන්න පුලුවන් ඒ වගේම ජලය හරහා බෝ වෙන යම් රෝගී තත්ත්වයක් පාලනයට උදව් වෙනවා නමුත් උණුවතුර පානය කිරීමෙන් හෝ අධික උෂ්ණත්වයේ සිටීමෙන් වෛරසය විනාශ වන බවට විද්‍යාත්මක වශයෙන් තහවුරු කරලා නැහැ. නමුත් වෛරසයක යම් යම් දේශගුණික විපර්යාස, කාලගුණ විපර්යාස අනුව රෝගයේ පැතිරීම සහ ව්‍යාප්තිය වෙනස් වෙන්න පුලුවන් ඉතිං සනීපාරක්ෂක ක්‍රම භාවිතයෙන් සහ උණු වතුර භාවිතයෙන් පමණක් රෝගී තත්ත්වය සුව වේ යැයි විශ්වාසය තැබිය යුතු නැහැ.
මොකක්ද මේ නිරෝධායන
මෙය අද ආපු දෙයක් නෙමේ මෙය සියවස් ගණනාවක්ම තිබුන දෙයක්. ලෝකයේ මුහුදු ගමන් ක්‍රියාත්මක වන විට එම මුහුදු ගමන් වලින් එක කලාපයක ඉඳලා තවත් කලාපයකට ගමන් කිරීමේදී ඇතිවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා භාවිතා වන ක්‍රමයක් නිරෝධායනයේදී ආසාධිත පුද්ගලයන් හඳුනාගැනීම සිදුවෙනවා, පසුව ඔවුන් වෙන් කිරීම සිදුවෙනවා, ඊටත් පසුව ඔවුන් වෙනම ස්ථානයක රඳවා තැබීම සිදුකරනවා. එතැනදි අපිට පුලුවන් යම් සැක සහිත පුද්ගලයෙක් ඉන්නවානම් සහ ආසාධිත පුද්ගලයෙක් ඉන්නවානම් සහ රෝගය පැතිරී තිබු රටක සංචාරය කල පුද්ගලයෙක් ඉන්නවානම් මේ සියලු කාණ්ඩ අපි නිරෝධායනයකට ලක් කල යුතු වෙනවා. මොකද වෛරසය ආසාධිත වූ පමණින් රෝග ලක්ෂණ මතුවෙන්නේ නෑ මොකද මේකට බීජ අවුශන සමයක් තිබිය යුතුයි. මොකද කොරෝනා වෛරසයේදී දවස් පහ හත ඉඳලා දවස් 14 දක්වා පරාසයක් තියනවා එහිදී රෝග ලක්ෂණ නොපෙන්වා නිරෝගී පුද්ගලයෙක් ලෙස සමාජයේ හැසිරෙනවා. නමුත් අපේ ඇඟ ඇතුලේ වෛරසය තියෙන බව නොදන්නා නිසා අපගේ ස්ශේස්මල ශ්‍රාවයන් හරහා තව කෙනෙකුට ව්‍යාප්තවීම සිදුවෙන්න පුලුවන්. ඒ නිසා තමයි කොවිඩ්-19 වෛරසය පැවතුන රටක, කලාපයක, ගමන් කරන පුද්ගලයින්, රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින් සහ එම පුද්ගලයන් ආශ්‍රය කරන පුද්ගලයන් අනිවාර්යයෙන්ම නිරේධායනයට ලක් කල යුතුයි.
ඉතිං මේ කරුණු ගැන මහජනතාව ඉතාමත් දැනුවත් වීම වැදගත් වෙනවා. සමාජ මාධ්‍ය වල තිබෙන අසත්‍ය තොරතුරු වලට නොරැවටී සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය වගේම මේ සම්බන්දව තිබෙන සියලු කාර්යාංශ හැකි සෑම විටම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ නිසි ක්‍රියාමාර්ග ගැන දැනුම්වත් කරන නිසා ඒම නියෝග අනුව කටයුකු කිරීම වැදගත් වෙනවා.
වෛරස වැළඳී සුව වන අයෙක්ට නැවත රෝගය වැළඳිමේ ප්‍රවනතාව
ඒ සම්බන්දව සෞඛ්‍ය අංශ වලින් සහ විද්‍යාත්මක පර්යේෂණ මගින් එවැනි සඳහන් වීමක් නැහැ. නමුත් දැනට සිදුව තිබෙන වෛද්‍ය පර්යේෂන අනුව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය වැළඳිලා රෝගය සුව වුනාට පස්සේ නැවත වතාවක් රෝගයට ගොදුරුවීමේ ඉඩකඩ අඩුයි. නමුත් මෙම රෝගය අලුතෙන් හඳුනාගත් රෝගක් මේ සම්බන්දව පර්යේෂන ක්‍රියාත්මක වන නිසාත් එක් වරක් වැළඳුන අයෙකුට නැවත වැළඳෙන්නේ නැහැම කියන්න බැහැ. නමුත් චීනයේ දැනට සිදුකල සමීක්ෂණ අනුව නම් නැවත නැවත එකම පුද්ගලයාට රෝගය වැළඳීමේ සාක්ෂි මේදක්නා නැහැ.
වෛද්‍ය චමල් සංජීව
chamalsanjeewa@gmail.com
(කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳ ලේඛකාධිකාරී)
හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හම්බන්තොට