දේශපාලන

මහින්ද කුරුණෑගලින් එන්න අත්සන් තබයි

එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට අදාළ නාමයෝජනා පත්‍රයට අද අත්සන් තබා තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් ඔහු මෙවර මැතිවරණයට තරග කරනු ලබයි.

මෙම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button