විජයබා කෝලම
මොකද්ද ඒ කතාව…?
ඇත්තටම බැලුවොත් මේක ඉතාම සංකීර්ණ කතාවක්. මේ කතාව ඇතුලෙ සිද්ධ වෙන දේවල් ඉතාම ප්‍රභල වගේම සුවිශේෂී සිද්ධි මාලාවක් තියෙනවා. කුමාරවරු තිදෙනාට එරෙහි කුමන්ත්‍රණය, කුමාරවරුනගේ නැගීසිටීම, නයනානන්දගෙ චෞර කාර්ය, අසංගගෙ ආදරය, නයනානන්දගෙ ආදරය, නීලමනීගේ සිතුවිලි වෙනස්වීම, යුද්ධය, පෘතුගීසි පාලනය, අසංගගේ ජීවිත පරිත්‍යාගය, හමිදුම්මාගේ ජීවිතය වගේ ගොඩක් දේවල් මේක ඇතුලෙ කිසිම පිලිවෙලක් නැතුව උඩින් අතපතගාගෙන ගිහින් තියෙනවා.
කිසිම සිනමාත්මකභාවයක් නොමැති ඉදිරිපත් කිරීමක් චිත්‍රපටිය පුරාවටම දක්නට පුලුවන්. අමු අමුවේම අතිශය ප්‍රාථමික ලෙස ඔහේ කතාවක් ගලායන අතර එය ප්‍රේක්ෂකයාට කිසිම ආකාරයක තැතිගැන්මක්, කුතුහලයක්, නැවුම්බවක් ඇති කිරීමට සමත්වන්නේ නැහැ.
ක්ෂේත්‍රයේ දැවන්ත මෙන්ම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකරයෙකු වුවද සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙහිදීද ඔහුගේ අනෙකුත් බොහෝ නිර්මාණ මෙන්ම ඉතා දුර්වල අධ්‍යක්ෂණයක් පෙන්නුම් කරන බව කිවයුතුයි. මංකොල්ලයක් ගැන සිතූ විට තරමක් ගුප්ත කලහකාරී අඳුරු හැඟීමක් නිරායාසයෙන්ම හිතට එනමුත් මෙහිදී එය භාවිතා කිරීමට තිබූ ඒ සිනමාත්මක ස්වභාවය මුලුමනින්ම අමතක කොට ඇත. එය චිත්‍රපටයේ සමස්ථ නිර්මාණශීලීත්වයට බෙහෙවින් අවාසිවී ඇත.
කැමරාකරණයේ තත්වය…?
තරමක්දුරට සෑහීමකට පත්විය හැකි අතර ආරම්භක long take shot එක ඉතාම හොඳ මට්ටමක පවතිනවා. එළිය අඳුර භාවිතය සමහර ස්ථාන වල තරමක් සාර්ථකව යොදාගෙන ඇති බවක් පෙනුනද සමස්ථයක් ලෙස මුලු චිත්‍රපටයේ mood එකට නොගැලපෙන බොහෝ තැන් දැකගන්නට පුලුවන්. චිත්‍රපටයේ ගාලායාමට නොගැලපෙන අඛණ්ඩතාවය ගිලිහෙන තැන් බොහොමයක්ද චිත්‍රපටය පුරාවට තිබෙන බව කිව යුතුයි. ලාංකේය සිනමාවේ ජ්‍යේශ්ඨ අධ්‍යක්ෂකවරු අතලොස්සෙන් අයෙකුගේ නිර්මාණයක මෙවැනි අත්වැරදීම් ප්‍රේක්ශකයන් කලකිරවනු නොඅනුමානය.
මොකටද මේ 3D…?
අපිට තාක්ෂණය ඇති බව පෙන්නන්නට යම් යම් දේ කිරීම අපරාදේය. චිත්‍රපටයකට අධි තාක්ෂණය යොදාගැනීම හොඳය. චිත්‍රපටයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එය නිරතුරුවම උපකාරී වේ. නමුත්.. මෙහි මීට වඩා කිරීමට බොහෝ දේ ඇත. එවැනි දේවලට වියදම් කල මුදල කතාවේ ගුණාත්මකභාවය, කතාවින්‍යාසය, ඉදිරිපත්කරන ආකාරය වැඩිදියුණු කිරීමට යොදාගත්තේනම් මීට වඩා සුදුසු බව අපගේ මතයයි.
මොනවද ඒ ඇඳුම්…?
වෙන වෙන චිත්‍රපට වලින් ලබාගත් කාලානුරූපීව නොගැලපෙන ඇඳුම් ප්‍රධාන චරිත වලට භාවිතා කර ඇති බව මනාව පෙනුනු දෙයක්. සෙනාලිගෙ ඇඳුම් මේ යුගයට කොහොම ගැලපුවාද යන්න තවමත් සිතා ගත නොහැකියි.
සංගීතමය කාර්යභාරය…?
අදාල කාල පරාසය නියෝජනයට ඔවුන්ට සංගීතය මොනවට යොදාගැනීමට පුලුවන්කම තිබුණි. වචන වලට පමණක් සීමා වී අනෙකුත් භාවිතාවන් මෙහිදිද මඟ ඇරී ඇති බව අපගේ මතයයි. යුධමය, ගුප්ත, පලිගැනීම් ඇති විදේශීය නිර්මාණ කිහිපයක් නැරඹා ඒවායේ ඇඟ හිරිවැටෙන ශබ්ද අත්දැකීමට ඔවුන්ට අමතක වූ හැඩය.
මොන භාෂාවක්ද ඒ…?
සුද්දන් සිංහල චතුරව කතා කරයි. එය කමක් නැත. සිංහලයාගේ භාෂාව වරින් වර විවිධ කාල වලට අදාල වචන භාවිතාවන් ඕනෑ තරම් ඇත. අපේ අය මෙන්න මේ තැන් බෙහෙවින් වරද්දා ගනී. බොරුවට පරණ වචන භාවිතා කරමින් හෙන ගොං ගතියක් නිර්මාණ කලට එකතු කරගන්නේ ඇයිදැයි අපිට නම් නොවැටහේ. චිත්‍රපටියක් ඕනවට වඩා තාත්විකකරණයට යාමෙන් මෙය සිදුවේ. 2017 නිකුත් කල King Arthur චිත්‍රපටය මෙයට කදිම පිළියමක් යොදා ඇත. ඔවුන් තනිකරම දැනට භාවිතා කරන වාග් විලාශයන් හා වචන චිත්‍රපටය පුරාම භාවිතා කර ඇත. එය චිත්‍රපටයට නැවුම් බවක් හා ප්‍රේක්ශකයාට වෙනම අත්දැකීමක් මෙන්ම කතාවට කිසිදු හානියක්ද නොමැත. අපිත් මෙවැනි යමක් හොයාගත යුතුය. නැතහොත් ඉරාජ් ලියා කේමදාස මාස්ටර් මියුසික් කර අජිත් මුතුකුමාර කියන සිංදුවක් මෙන් බලන අයට දැනෙනු ඇත.
වියදම අපරාධයක්ද…?
බැලූ බැල්මට casting, backgrounds, vfx, other technology ආදියට බෙහෙවින් වියදම් කර ඇති බව පෙනේ. මේ සා විශාල පිරිවැයක් දරා කර ඇති නිර්මාණයක අවසාන පරමාර්ථය ප්‍රේක්ශකයාට පෙර නොවූ විරූ ආකාරයේ අත්දැකීමක් ලබා දිමය. මේතරම් අපූරු කතාවක් මීටවඩා අතිශය නැවුම් හා හිතාගතනොහැකි මට්ටමට ඉදිරිපත්කල හැකිව තිබූ බව පිළිගත යුතුව ඇත.
අපගේ සිනමාවේ පරිණත නිර්මාපකයන් තේරුම්ගත යුතු දෙයක් ඇත. එනම් ඔබගේ ප්‍රේක්ශකයා පෙර මෙන් ඔබ විසින් කරන නිර්මාණ පමණක් බලමින් ලිංමැඬියන් ලෙස සිටි කාලය අවසන් වී ඇත. Netflix, Amazon, youtube ආදී බොහෝ මාධ්‍ය ඔස්සේ වීඩියෝකරණ අත්දැකීම් හා ලොව නවතම නිර්මාණ එසැණින් නරඹමින් අත්දකිමින් සිටී. එබැවින් මෙවැනි නිර්මාණ වල ප්‍රාථමික බව වැටහෙන්නට පූර්ව ප්‍රචාරකපටය නැරඹීමම ප්‍රමාණවත්ය. කරන්නන්වාලේ සල්ලි ලැබෙන පලියට නිර්මාණ නොකර නිසි අධ්‍යයනයකින් යුක්තව කතාකීමේ කලාව ප්‍රගුණ කලයුතු කාලය එලඹ ඇත. මෙවැනි නිර්මාණ කොට එය නැරඹීමට එන පිරිස අඩු වූ විට සිනමාව කඩා වැටෙනවායැයි බෙරිහන් නොදී මේවාත් නොකර හරියට කරන අයට කරන්නට ඉඩදී පැත්තකට වීම වඩාත් සුදුසුය.
Black Box of Cinema facebook පිටුව ඇසුරින්