ඩිජිටල් චිත්‍රයෙන් ඔබ අමතන මධුරංග
ඩිජිටල් තාක්ෂණය ජනජීවිතයට සහාඅනුබද්ධ යුගයක සමකාලීන සමාජය තුළ සාම්ප්‍රදායික කලා මාධ්‍යයෙන් ඹබ්බට සිතිවිලි මුදාහරින්නට වෙර දරන අලුත් පරපුරේ ඩිජිටල් චිත්‍ර කලා ශිල්පියෙක් වන මධුරංග මාරසිංහ සමඟ කළ සුහද කතා බහයි මේ.
චිත්‍ර කලාව ඔබට හැගෙන අකාරය පලමුවෙන්ම කතා කරමු
චිත්‍ර කලාව කියන්නේ නූතනයේ හා අතීතයේ ජනතාව අදහස් ප්‍රකාශනයේදී භාවිතා කරන ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්. මට ඒ චිත්‍ර කලාව දැනෙන්නෙ ශරීරයේ කොටසක් විදිහටයි. මා දකින විදියට වර්තමානයේ හා අතීත නිර්මාණ සියල්ලකටම පාහේ චිත්‍ර කලාව අඩු වැඩි වශයෙන් ව්‍යංගව හරි යොදා ගෙන තියනවා. ඒ නිසා මට චිත්‍ර කලාව අවියක්. මගේ අදහස් නිදසේ ප්‍රකාශ කරන්න එය යොදා ගන්න පුලුවන් මාධ්‍යයක් විදියට තමයි මේ කලාව මම දකින්නේ.
සම්ප්‍රදායික චිත්‍ර කලාව නූතනයේදී තාක්ෂණික භාවිතවලට ලක්වීම ඔබට දැනෙන්නේ කොහොමද?
ඩිජිටල් ආර්ට් කියන්නෙ තාක්ෂණයත් සමග බද්ධව යන දෙයක්. ඒ නිසා ඩිජිටල් නිර්මාණ කලාත්මකව සිදු කර ගැනීමේදී තාක්ශණය නැතිවම බැරි දෙයක් විදිහට මට හදුන්වන්න පුලුවන්. ඒ වගේම සම්ප්‍රදායික මාධ්‍යයෙන් නිර්මාණයක් කරගැනීමේදි කැන්වස්, සායම්, පින්සල්, පාට, පත්‍ර, සෙරමික් වගේ අමුද්‍රවය අවශ්‍ය වෙනව ඒත් ඩිජිටල් ආට්ස් තුළදී සියල්ලම එක මෘදුකාංගයක් හරහා සිදු කරන්න පුලුවන්. අඩු පිරිවැයකින් වැඩි ගුණාත්මක භාවයෙන් යුතු නිර්මාණයක් කරගන්න එතනදී පුලුවන්. ඒ වගේම මේ කලාව තාක්ෂණය සමඟ එක් මන්තීරුවක ගමන්කරන නිසා ජාත්‍යන්තරයත් එක්ක ගණුදෙනු කරන්න වඩාත් පහසුයි.
ඩිජිටල් චිත්‍ර මාධ්‍ය තුළ සැබෑ නිර්මාණ කරුවෙකුගේ කාර්ය ඔබ හදුනා ගන්නේ කොහොමද?
ඕනෙම කලා මාධ්‍යක් තුළ හැසිරෙන නිර්මාණ කරුවෙක්ගේ අරමුණ වෙන්නෙ වඩාත් ගුණාත්මක භාවයෙන් වැඩි නිර්මාණයක් සමාජ ගත කිරීමයි. ඒ වගේම ඩිජිටල් කලා මාධ්‍ය වෙළඳ පොළ සමඟ ගණුදෙනු කරනවා වගේම අපේ අරමුණ වෙන්න ඕනි ඒ තරගය ඇතුළෙ වඩාත් හොඳ නිර්මාණයක් සමාජගත කරන්නයි. ඒ සඳහා කටයුතු කිරීමයි වැදගත්.
ප්‍රකාශන මාධ්‍යයක් විදියට චිත්‍ර කලාව තෝරාගැනීමට ඔබ පෙළඹවීමට හේතු මොනවාද?
මගේ පොඩි කාළෙ ඉදන්ම අතට අහුවන කෝටු කෑලි වලින් අඟුරු කෑලි වලින් පවා බිම කුමක් හෝ සිතුවමක් අදින්න පුරුදු වෙලා හිටියා. චිත්‍ර කලාවට තිබූ හැකියාව කුඩා කාලයේ ඉදන්ම මට තිබුණා. ඒ වගේම මම හුඟක්ම මේ මාධ්‍යට යොමු කළේ මගේ අම්මයි තාත්තයි. එයාලගේ ආශිර්වාදය සහ මගපෙන්වීම අමතක කරන්න බැහැ.
අන්තර්ජාලය සමාජ මාධ්‍ය සහ YouTube ආශ්‍රිතව ගොඩ නැගුනු ඔබේ නිර්මාණ ගැන කතා කලොත්?
ඩිජිටල් චිත්‍ර අඳින්න තමයි මූලිකවම වැඩි ඉඩක් වෙන් වෙන්නේ ඒ වගේම YouTube සඳහා නිර්මාණ අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් මේ වන විට කටයුතු කරනවා. ඒ වගේම, රූප රචනා වල වැඩි වශයෙන් කටයුතු කරනවා. ඒ කලා අධ්‍යක්ෂණය හා රංගනයෙන් ජපානයේ රැකියාවන් හා අධ්‍යාපනයට ගිය ලාංකික තරුණයන්ගේ ජීවිත හා ඔවුන්ට සිදුවන දුශ්කරතා අළලා සැකසුණු “ගම්බත්තෙ අපි” නිර්මාණයක්ද ඒ අතර තියෙනවා.
සෞන්දර්ය විශ්ව විද්‍යාලය තුළ ඔබේ අධ්‍යන ප්‍රවේශයන් ගැන කතා කළොත්?
විශ්ව විද්‍යාලය කියන්නෙ ශාස්ත්‍රාලීය අධ්‍යනයක් ලබාදෙන ව්‍යුහයක්. එය නිර්මාණකරුවෙකුට අවශ්‍ය පදනමක්. නිර්මාණ කරද්දි මට විශ්ව විද්‍යලයෙන් ලබා ගත් දැනුම බෙහෙවින් ඉවහල් වෙනවා. සමාජය හා නිර්මාණ අද්දැකීම්, විචාර ආශ්‍රය කර ගනිමින් නව්‍ය ප්‍රවේශන් වෙත එළඹීමට එය බාධාවක් වුණේ නැහැ.
ඩිජිටල් සිතුවම්කරණයට ප්‍රවේශවන නවකයන්ට මොන වගේ අදහසක්ද ඔබ ලබා දෙන්නේ?
මේ ක්ශේත්‍රයට එන්න ඉන්න අයට වගේම වර්තමානයේ මේ ක්ෂේත්‍රයේ නියලිලා ඉන්න නවක නිර්මාණ කරුවන්ට කියන්න කැමතියි තමන් ඇතුළෙ ඉන්න තමන්ව එලියට අරගෙන තමන්ගේම රටාවක අනන්‍ය වූ නිර්මාණ කරන්න. ඒ වගේම හොඳ නිර්මාණ අධ්‍යනය කරන්න. ක්ෂේත්‍රයේ නිර්මාණ කරුවන් සමඟ අත්දැකීම් හුවමාරු කරගන්න, තමන්ගේ සංකල්ප නිදහසේ තමන්ම සිත්තම් කරන්න.
සංවාදය – බිම්සර සදරු